පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩල ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් පවතින මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අනාවරණය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සහ ගුරු සංගම් නියෝජිතයන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව එකඟතාවකට පැමිණ තිබේ.
මෙම නව සංශෝධන හරහා පාසල් පරිපාලනයට සහ විනය පවත්වාගෙන යාමේ කටයුතුවලට ශිෂ්‍ය නායකයන්ගෙන් එල්ල වන අනවශ්‍ය බලපෑම් අවම කිරීමට අපේක්ෂිතය. ඒ වෙනුවට පාසලේ පොදු යහපත උදෙසා ඔවුන්ගේ සහාය වඩාත් ව්‍යුහගත මට්ටමකින් ලබා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත. එමෙන්ම, ශිෂ්‍ය නායක මණ්ඩල සඳහා සිසුන් තෝරා පත් කර ගැනීමේදී නිසි වයස් සීමාවන් කෙරෙහි දැඩිව අවධානය යොමු කළ යුතු බවත්, කිසිදු ලෙසකින් වයස් සීමාව නොඉක්මවිය යුතු බවත් නව රෙගුලාසි මගින් අවධාරණය කෙරෙනු ඇත.














