• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව සන්ධානය 2024 ජනාධිපතිවරණ මෙහෙයුම නිමල් ලාන්සා අරඹයි

1 January 2024
in දේශීය, පුවත්
නව සන්ධානය 2024 ජනාධිපතිවරණ මෙහෙයුම නිමල් ලාන්සා අරඹයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරන බව ජනාධිපතවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාට සහය දක්වන බව නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා, “මේ වර්ෂයේ අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්විය යුතු අතර එය ජනාධිපතිවරණය විය යුතුයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍යනම් පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණය වුනත් පවත්වන්න පුලුවන්. විපක්ෂයේ මතය පාර්ලිමේන්තු මැතිවරණය කැඳවයි කියලා. මගේ මතය වන්නේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳවයි කියන එකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය නොකරන සහ අනෙකුත් දේශපාලන පක්ෂ එක්ක තරග කරලා ඒවා නියෝජනය නොකරන 71 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. 71 දෙනාම දැනට ඒ පක්ෂ නියෝජනය කරන්නේ නැහැ. ඒ 71 දෙනා නියෝජනය කරමින් තමා නව සන්ධානය බිහි කරන්න පාර්ලිමේන්තුව තුළ නව කතිකාවක් ආරම්භ කළේ. අපිට පුලුවන් වෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම පක්ෂ සහිත සන්ධානය අපට හදන්න.

අද ඉදන් නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරනවා. ජනාධිපතවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිතුමාට සහය දක්වන්න, ශක්තිමත් කණ්ඩායමක් විදියට වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම ජයග්‍රහණය කළා. අපි කරන්න එපා කියපු දේවල් කරන්න ගිහින් සමහර නායකයන්ට පරාජය වැලඳගන්න සිදුවුනා. අපි කියපු දේවල් කරපු අය ක්‍රමක් ක්‍රමායෙන් උඩට ආවා. සත්‍ය අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන, ඇත්ත බොරුව අතර මැතිවරණයක් එනවා. ඕනෑම පක්ෂයකට අරවා දෙනවා, මේවා දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මවන්නත් බැහැ. අද ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා. මිනිස්සු බනිනවා කියලා ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් දන්නවා. මිනිස්සු කොච්චර බැන්නත් මේ සත්‍ය, ඇත්ත, යථාර්ථය මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා ජනතාවට ඇත්ත කියන්න. කයියනායකලට කයිවාරු ගහන්න පුලුවන්. බොරු කියන්න පුලුවන්. ඕන දෙයක් දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා බදු අඩුකරලා මොකද වුනේ. ඔක්කෝටම ඒක හොඳ වුනා. හැබැයි ආර්ථිකය කරගන්න බැරිවුනා. අපි මේ පටන්ගන්න ව්‍යාපාරය වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. විශේෂයෙන් ආර්ථික වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. ජනාධිපතිතුමාටත් අපි සහය දක්වන්නේ ආර්ථික වැඩපිළිවෙල හොඳ නිසා. ආර්ථිකය ශක්තිමත් කරන්න තීන්දු ගන්නකොට ජනතාවට අමාරුයි. අපිට අමාරුයි. නමුත් මේ සත්‍යයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.

ආණ්ඩුවට ලැබෙන ආදායම මදි වියදම පිරිමහන්න. කවුරිහරි ඇවිල්ලා කියනවම් අරවා දෙනවා මේවා දෙනවා කියලා ලියලා තියාගන්න මාස තුනයි කරන්න පුලුවන්. මහ බැංකු අධිපතිතුමා කියනවා කවුරු පත්වුනත් මේ ක්‍රියාවලිය, ආර්ථික වැඩපිළිවෙළ කරන්න වෙනවා කියලා. අපි අද ඉදන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත මිනිස්සුන්ට කියන්න. අවුරුදු 70 ක් තිස්සේ ජනතාව විවිධ දේශපාලන පොරොන්දු වලට අහුවුනා. ජන්ද දුන්නාම සියයට දහයක්, පහළොවක් විතර ඒ ඒ දේශපාලන පක්ෂ ඉටුකළා. ඒ කළෙත් ණය වෙලා. ජනාධිපතිතුමාටත් පුලුවන් අඩු කරගෙන කරගෙන යන්න. මේ කැමැත්තෙන් කරන දේවල් නෙමේ. රට දුවන්න මේ දේවල් කරන්න සිදු වෙනවා.

අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක හිටගන්නේ නැහැ. බදු අඩුකරද්දි කිව්වා අඩු කරන්න එපා කියලා. පොහොර එක නවත්තන්න එපා කිව්වා. කොරෝනා කාලේ කිව්ව රට ඔය විදිහට වහන්න එපා කියලා. ඒ එකක්වත් ඇහැව්වේ නැහැ. වියත්තු කියලා කොටසක් ඇවිල්ලා, දැන් සජිත් මහත්තයට උපදෙස් දෙන්නේ ඒ වියතා තමා. ගෝඨාභය මහත්තයගේ දකුණු අත වගේ හිටියේ නාලක ගොඩහේවා මහතා. එතුමා තමා බදු අඩුකරන්න උපදෙස් දුන්නේ. පොහොර ප්‍රශ්නය දොස්තර මහත්තයා. දේශපාලඥයෝ නෙමේ මේ දේවල් කළේ. අපි බැනුම් ඇහැව්වට ගුටි කෑවට එකක්වත් අපි කළේ නැහැ. ඒ වෙලාවේ මතයක් තිබුනා දේශපාලනය නොකරන කෙනෙක් ගේන්න ඕනේ කියලා. ජනතාව කාලෙන් කාලෙට එක එක රැලි පස්සේ යනවා. මිනිස්සුන්ට උදව් නොකරන, බදු නොගෙවන, රස්සාවක් නොදුන්න, මොනවත් නොකරපු අය කයිවාරු වලින් වීරයෝ වෙලා.

අපි ඇවිල්ලා ජනතාවට ඇත්ත කියනවා. අද සජබයට, පෙහොට්ටුවට මිනිස්සු දාහක් ගෙනල්ලා රැස්වීමක් තියාගන්න බැහැ. ජවිපෙ හැම තැනින්ම බස් දාලා ජනතාව ගෙනල්ලා රැස්වීම් තියලා සාර්ථකත්වය පෙන්නන්න හදනවා. අපි විශ්වාස කරනවා අපේ දිස්ත්‍රික්ක 22 ඉන්න අය ජනතාව දහදාහකට වඩා ගෙනල්ලා රැස්වීමක් කරන්න පුලුවන් ශක්තිමත් අය කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන්න පුලුවන් එකම කණ්ඩායම අපි. අපි වැඩපිළිවෙලක් එක්ක ජනතාවට සත්‍ය ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා, “දේශපාලනය අද ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි වමේ කඳවුරක් හැටියට 1994 ඉදලා ගිය අවුරුද්දේ මැයි 9 වෙනකන් ආණ්ඩු කළා. අපි විශාල බලවේගයක් මේ රටේ නිර්මාණය කළා. විශාල වැඩ කොටසක් මේ රටේ ඇති කෙරුවා. විශාල පරම්පරාවක් අලුතින් දේශපාලනයට ගේනාවා. ඒ අයට යම් යම් තනතුරු ලැබුනා. අපේම ජනාධිපතිවරු හතර පස් සැරයක් පත් කරන්න පුලුවන් වුනා. නමුත් අවසානයේදී අද්දැකීම් අඩු, නොතේරෙන, දේශපාලනය කියන්නේ මොකක්ද ? කියලා වැඩිය අදුරන්නේ නැති එක්කෙනෙක් නිසා අපේ මුළු දේශපාලනයම විනාශ වුනා.

අපේ දිස්ත්‍රික්ක වල ජනතාව අවුරුදු හතලිහක් උදව් කරලා තියෙනවා මගේ දේශපාලනයට. දේශපාලන පෙළේ ඉන්න මේ පිරිස මට හත් වතාවක් පාර්ලිමේන්තුවට එන්න උදව් කරලා තියෙනවා. ඒ අය දාලා, වාසි තකා හෝ වෙනයම් කාරණයකට මට යන්න අමාරුයි. මට අමාත්‍යධූරයක් ඇති කරනකොටත් කිව්වා ඒක අපි භාර ගන්නේ නැහැ කියලා. අපි එහෙම කිව්වේ අපේ ජනතාවට අව්‍යාජව පෙනී සිටින්න ඕනේ කියලා කල්පනා කරපු නිසා. අපිට නායකත්වය දුන්න, අපිට උදව් කරපු අයට අවංක වෙන්න ඕන නිසා. තනතුරු විතරක් හොබවලා ජනතාවගෙන් ඈත් වෙන්න අපට ඕන කමක් තිබනේ නැහැ.

අපි ඉන්නේ සන්දිස්ථානයක. සන්දිස්ථානය දිහා හැරිලා බලන්න ඕනේ මේච්චර කාලයක් අපි ගේනාපු දේශපාලන අදහස පෙර දැරි කරගන්නේ කොහොමද කියන එක. එදා තිබුන දේ එහෙම්ම කරන්න බැරිවෙයි. නමුත් කොහොමද අපි වර්තමානය සහ අනාගතය එකතු කරළා අපේ රටේ ජනතාවට අලුත් දෙයක් කරන්නේ කියන එක තමා අපි කල්පනා කරන්න ඕනේ. අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අනතුරක තියෙනවා. අපේ රටේ පවුල් දේශපාලනය නිසා, ඒ සැකසුම නිසා අන්ත අසරණ වුනා. දෙවැනි පෙළ කිසි කෙනෙකුට මේ දේශපාලනයේ ඉහළට එන්න අවස්ථාව ලැබුනේ නැහැ. ඒ අය කපා විනාශ කළා. එක පක්ෂයක නෙමේ හැම පක්ෂයකම. අපි ⁣දේශපාලන යථාර්ථය තේරුම් ගන්න ජනතාවක් නිර්මාණය කරන, අලුත් අදහසක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් ගණනාවක් එක්ක කතාකරගෙන යනවා.

අපිත් එක්ක විශ්වාසයෙන් හිටපු අය දාලා කොහෙවත් යන්න බැහැ කියලා විශ්වාස කළා. ඒක තමා අපේ පදනම. ආර්ථිකය හදන්නේ නැතිව රටක් සන්සුන් කරන්න බැහැ. මේ තර්කය මම හැමදාම ගේනාවා. හැමදාම කිව්වා මේ යන ගමන් මාර්ගය භයානකයි කියලා. අන්තිමට අපි භයානක තැනකට වැටුනා. ජනතාවගේ විශාල උද්ඝෝෂණ මැද්දේ, ගැටුම්කාරී තත්ත්වයන් මැද්දේ තමයි හිටපු ජනාධිපතිතුමාට පස්ස දොරෙන් යන්න වුනේ. ලංකාවේ කවදාවත් නොවුනු දෙයක්. ලංකාවේ දුර්වල ආණ්ඩු තිබිලා තියෙනවා.1954 හර්තාලයක් එනකොටත් කැබිනට් මණ්ඩලය නැවත රැස්වෙලා ආණ්ඩුව බේරගත්තා. අගමැති මාරුවුනා ඒක වෙනම දෙයක්. පස්ස දොරෙන් යන්න සිදුවුනේ නැහැ. අපේ මිනිස්සු අසරණ වුනා. අපේ ගම්වල මිනිස්සුන්ට නායකත්වයක් නැතිවුනා. මේ නිසා තමා අපි විශ්වාස කළේ අපේ පක්ෂයේ ඉන්න, ආණ්ඩු පක්ෂයේ ඉන්න, විපක්ෂයේ ඉන්න, ස්වාධීන වෙලා ඉන්න කණ්ඩායම් එක්ක කතා කරලා අලුත් දේශපාලන මාවතක් විවර කරගමු කියලා. අපේ උදවියට නායකත්වයක් දෙන්න ඒ කාරණය පමණයි අපි කරන්නේ. එහෙම නැතිව සුපුරුදු පරිදි නායකත්ව වනදනාවේ කවුරුත් යන්න ඕනේ නැහැ. නායකයෝ නිර්මාණය කරන්න ඕනෙත් නැහැ. ඒක අපි නොකල යුතුයි. අපි විශ්වාස කරනවා මේ ටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව සමග ගැවසෙන පුද්ගලයින් බවට පත් කරන්න ඕනේ කියලා. වෘත්තීය සමිති වලට නායකත්වය දෙන්න ඕනේ, ආයතනත් ආරක්ෂා කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් නැවත බිහි කරන්න.

අපිට ජාතික ආර්ථිකයක් තියෙන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර ආර්ථිකයකුත් තියෙන්න ඕනේ. දෙකම මැදිකරගත් අලුත් ආර්ථික රටාවක් වෙනුවෙන් අපි කල්පනා කරනවා. එහෙම නැතිවුනොත් අපිට අනාගතයක් නැහැ. කතා කර ඉන්නවට වඩා අලුත් ආර්ථික වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්න කල්පනා කරන්න ඕනේ. රට කඩාගෙන වැ⁣ටුන නිසා අපි හැමෝටම විශාල බරක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. බදු වශයෙන් බර දරන්න වෙලා. අපිට ජීවත් වෙන්න ලොකු බරක් දරන්න වෙලා. ඒක වෙනස් කරන්න පුලුවන් ජාතික ආදායම වර්ධනය කිරීමෙන් විතරයි. අපේ වෙළෙදපොළ වැඩි කිරීමෙන් විතරයි. අපනයනය වැඩි කිරීමෙන් විතරයි. එහෙම කළොත් විතරයි ආර්ථිකයේ අනෙකුත් අංශ දියුණු කරන්න පුලුවන් වෙන්නේ. ලෝකයේ මේ වගේ රටවල් කඩාගෙන වැටනා. 1982 වෙනකොට ඉන්දියාව මේ ව⁣ගේ කඩාගෙන වැටුනා. නමුත් ඉන්දියාවට ආවා අලුත් ආර්ථික උපදේශකයකු විදියට මුදල් අමාත්‍ය මනමෝහන් සිං මහතා. ඉන්දියාවේ ආර්ථිකය අනිත් පැත්ත හැරෙව්වා. අද ඉන්දියාවේ ආර්ථිකය ලෝකයේ පස්වෙනි තැන. තව වසර පහකින් ලෝකයේ තුන්වෙනි ආර්ථිකය බවට පත් වෙනවා. අපිත් ඒ හා සමානව මානව සම්පතක් ⁣තියෙන රටක්. කොහොමද දියුණු කරන්න ඕනේ කියලා මතයක් තියෙන්න ඕනේ. ඒ නිසා මුලු රටම අපි එකතු කරන්න ඕනේ. අපේ රටේ තිබුනා වැඩ කිරීම පාපයක් කියලා. නිකන් ඉදීම යහපත් කියලා කල්පනා කළා. වැඩ කිරීම පාපයක් නෙමේ අවශ්‍ය දෙයක්. ඒ වෙනුවට වෙනස් දේශපාලන චින්තනයක් ගේන්නනම් අලුත් අදහසක් මෙතන්ට ⁣ගේන්න ඕනේ. කවුරු ජනාධිපති අපේක්ෂකයා වුනත් ඒ හැම කෙනාම අපේ ආර්ථික ප්‍රතිපත්තිය නව වැඩපිළිවෙලක් සහිතව ඉදිරිපත් කරන්න ඕනේ. වගකීමක් අපි භාර ගන්නේ වගකීම ඉටු කරන්න විතරයි. අපි අද මේ කරන්නේ අපේ දේශපාලන මතය ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක්. අපේ අදහස කියන එක. මම හිත්නනේ නැහැ අපි කාටවත් යටත් විය යුතුයි කියලා. අපි ස්වාධීන ලෙස අපේ අදහස ඉදිරිපත් කරලා, ඒ අදහසත් එක්ක ⁣ගොනුවෙන අය සමග එකඟතාවක් නිර්මාණය කරමින් ඉන්නේ කියලා විශ්වාස කරනවා. මෙන්න මේ නිසා අපි එකතු වෙනවා.” යැයි නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට නව සන්ධාන මෙහෙයුම් කාර්යාල ප්‍රධානී සිරිපාල අමරසිංහ, වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුලු සහය දක්වන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වී සිටියහ.

Post Views: 36
Previous Post

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හරි

Next Post

ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි

editor ttvnews

editor ttvnews

Next Post
ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි

ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved