අදාළ ආයතනයට හෝ මණ්ඩලයට දැඩි මූල්‍ය පාඩු සිදුවන ආකාරයේ අහිතකර දීර්ඝකාලීන ගිවිසුම්වලට අත්සන් තබා ඇත්තේ වර්තමානයේ බංකොලොත් වී සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් බවට නිරුක්ෂ කුමාර මහතා ප්‍රබල චෝදනාවක් එල්ල කර තිබෙනවා
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට වත්මන් කළමනාකාරීත්වය හෝ රජය වගකිව යුතු නැති බවත් පසුගිය පාලන සමයන්හිදී අදූරදර්ශී ලෙස අත්සන් කරන ලද මෙවැනි අසමතුලිත ගිවිසුම් හේතුවෙන් මණ්ඩලය අද වන විටත් විශාල වශයෙන් බැඳීම්වලට යටත්වී පාඩු ලබන බවත්ය
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන් කළ වැරදි වසා ගැනීමට වත්මන් ක්‍රියාවලිය විවේචනය කළද සැබෑ විනාශය සිදුකළේ කවුද යන්න ජනතාව හොඳින්ම දන්නා බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරනවා














