• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අලියාන්ස් සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

27 July 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහයෙ හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය.

ගනුදෙනුකරුවන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් හිමි වන ආකාරයට සහ ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවන් සැපයීමට හැකි වන ආකාරයට නවීනතම පහසුකම් සහිතව මෙම ශාඛාව සැලසුම් කර තිබේ. මෙම නව ශාඛාවෙන් අලියාන්ස් සාමාන්‍ය රක්ෂණ සේවාවන් මෙන්ම අලියාන්ස් ජීවිත රක්ෂණ සේවාවන්ද ලබාගත හැකි වනු ඇත.

නව ශාඛාව විවෘත කිරීම 2023 ජූලි 05 දින සිදුකෙරුණු අතර එම අවස්ථාවට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම්, ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී රංග ඩයස්, ජාතික විකුණුම් ප්‍රධානී ජයන්ත අල්විස්, නියෝජිත අංශ ප්‍රධානී චමිලා අමුණුගම සහ අලෙවි ප්‍රධානී කසුන් යටවර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන අංක 570C, කොළඹ පාර, නිට්ටඹුව යන ස්ථානයේ මෙම ශාඛාව පිහිටා තිබේ.

ජාත්‍යන්තර මට්ටම් වලට අනුකූලව තම දීපව්‍යාප්ත ශාඛා ජාලය වැඩිදියුණු කිරීම සඳහා අලියාන්ස් ලංකා සමාගම මේ දිනවල විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ, තම ශාඛාවන් සියල්ලෙහිදීම පාරිභෝගිකයන්ට එක සමාන විශිෂ්ට සේවාවක් හා අත්දැකීමක් හිමිවන බව තහවුරු කිරීමට අලියාන්ස් ලංකා සමාගම පියවර ගෙන තිබේ. ගනුදෙනුකරුවන් කුමන අංශයක් හරහා කුමන සේවාවක් ලබාගැනීමට පැමිණියද, ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් අලියාන්ස් ලංකා වෙතින් හිමි වනු ඇත.

“ගනුදෙනුකරුවන්ට සෑම විටම එක සමාන විශිෂ්ට සේවාවක් ලබාදීම, අද දවසේ තරගකාරී වෙළඳපොළ වාතාවරණය තුළ අතිශයින් වැදගත්. අපගේ ශාඛා තුළින් ලබාදෙන අත්දැකීම මෙලෙස එකම ප්‍රමිති මට්ටමකට ඔසවා තැබීම මගින් අපට සියලුම ගනුදෙනුකරුවන් වෙත ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදීම සඳහා වන අපගේ ප්‍රතිඥාව ඉටුකිරීමට හැකියාව ලැබෙනවා. අපගේ නව නිට්ටඹුව ශාඛාව වෙත පැමිණ, මේ විශිෂ්ට සේවා අත්දැකීම විඳගන්නා මෙන් මා ගනුදෙනුකරුවන්ට ආරාධනය කර සිටිනවා.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා පැවසී ය.
“අලියාන්ස් ලංකා යනු ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් සමග අතිවිශිෂ්ට රක්ෂණ විසඳුම් තිළිණ කිරීමට කැප වී සිටින සමාගමක්. නිට්ටඹුව ශාඛාව මෙලෙස නව ස්ථානයක ස්ථාපිත කිරීම මගින් අප බලාපොරොත්තු වන්නේ, නවීනතම පහසුකම් සහිත ප්‍රසන්න පරිසරයක් තුළ, ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම රක්ෂණ සේවාවන් සැපයීමේ මෙහෙවර වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීමයි.” අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පැවසී ය.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

 

පිටපත – PR 

Post Views: 13
Previous Post

Giti ටයර් සමඟින් විශිෂ්ටත්වයේ නව ගමනක් අරඹන්න 

Next Post

අපි වර්ගවාදය, බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂයක් – මන්ත්‍රී රංජිත්

editor

editor

Next Post

අපි වර්ගවාදය, බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂයක් - මන්ත්‍රී රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved