බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් අද (19) දහවල් කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මේ බව තහවුරු කළ අතර, මෙම යෝජනාව සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ අත්සන් තබා ඇත. පවතින බලශක්ති අර්බුදය සහ පාලනය පිළිබඳව එල්ල වී ඇති චෝදනා මීට පදනම් වී ඇති බව වාර්තා වේ.













