ආණ්ඩුව පත් වු දිනයේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ටනම් දුකක් නැතිව සැප ලැබුණු බවත්, ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(28) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” තුන්වෙනි දිනය ආරම්භ කළේ ලුණුගම්වෙහෙර පැවැති ජනහමුවකදිය.
ජනතාව මීට වඩා කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු කියන බවත්,එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයි හෙතෙම පැවසීය.