• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසිම නීතියක් බලයේ සිටින පාලකයන්ට අදාළ නෑ – නිතීඥ උපුල් කුමරප්පෙරුම මහතා

18 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාව වෙනුවෙන් වගකීම සහ වගවීම යන දෙකම නීතිපතිවරයා ගන්නා යම් තීරණයකදී පෙන්නේ නැත්නම් එතැන බරතපළ දෝෂයක් තිබෙව බවත් අද වෙනකොට ඇතිවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය විවිධ මහාධිකරණවල විභාග වුණු යම් අධි චෝදනා නඩු සංඛ්‍යාවක් ඉල්ලා අස්කරගෙන තිබීම බව නිතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) ජනතා විමුක්ති පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වු නිතීඥ උපුල් කුමරප්පෙරුම මහතා “සමහර පුද්ගලයන්ට විරුද්ධව නීතිමය දැල ක්‍රියාත්මක නොව බවට අපේ රටේ සාමාන්‍ය මතයක් තිබෙනවා. ඒවා බරපතළ අපරාධ. ඊට අදාළ විමර්ශන ගොණුවක් නැවත විමර්ශනය කරන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් නීතිපතිවරයා විසින් පත්කරන අවස්ථා තිබෙනවා. අදාළ සියලු කරුණු විශ්ලේෂණය කර අඩුපාඩුවක් නොවන තත්වයට සියලු තොරතුරු උපදෙස් සහ දත්ත පෙළගස්වනවා. අධිචෝදනා පත්‍රයක් සකස් කිරීම හෝ නොකිරීම සිදුවෙන්නේ ඉන් පසුවයි. මෙවැනි විමර්ශන සිදුවෙන්නේ සාමාන්‍යයෙන් නීතිපතිවරයාගේ සෘජු අධික්‍ෂණය යටතේයි. අද අපි කතා කරන නඩු අති බහුතරයක් මෙවැනි ක්‍රියාවලියක විමර්ශනයට ලක්වුණු ඒවා. එවැනි අධිචෝදනා පත්‍රයක් ඉවත් කර ගන්නේ මොන පදනමකින්ද කියලා ජනතාව දන්නේ නැහැ. නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට සඳහන් වී තිබෙන ආයතනයකින් මීට අදාළ පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක්. ජනතාව වෙනුවෙන් වගකීම සහ වගවීම යන දෙකම ඔවුන්ට තිබෙනවා. නීතිපතිවරයා ගන්නා යම් තීරණයකදී වගකීම සහ වගවීම ජනතාවට පෙන්නේ නැත්නම් එතැන බරතපළ දෝෂයක් තිබෙනවා. ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාල තොරතුරු දක්වා තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක හෝ මහාධිකරණයක මුල් අවස්ථාවේ නඩු පැවරීම සම්බන්ධයෙන් සියලු ප්‍රතිපාදන ඇතුළත් වෙන්නේ මේ සංග්‍රහය තුළ. මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ එකඟතාවය මත අධිචෝදනාපත්‍ර ඉවත් කර ගැනීමේ හැකියාව නිතිපතිවරයාට තිබෙනවා. ඒ වගේම චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවත් තිබෙනවා. නමුත් මේ අභිමතය ක්‍රියාත්මක කරන්නේ යම් හේතුවක් නිසාද යන්න පැහැදිළි වෙන්න ඕනෑ. අභිමතානුසාරී බලයක් අත්තනෝමතික ලෙස හෝ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. රටේ පුරවැසියන්ට සිදුවුණු පීඩාවකට අදාළ පැමිණිල්ලක් දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව අධිචෝදනාවක් හැටියට පත්වුණු පසු අහේතුකව ඉල්ලා අස්කර ගැනීමෙන් වින්දිතයන් ඊළඟට ගතයුතු පියවර කුමක්ද? කරන්නාගොඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ එවැනි තත්වයක්. ඔහු හිටපු නාවික හමුදාපති වෙන්න පුලුවන්. නමුත් මේ පැමිණිල්ලේ පීඩාවට පත් පාර්ශ්වයට ඒ අගතිය ගැන ඊළඟට කියන්න පුලුවන් කාටද? අධිකරණ පද්ධතිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසයක් රටේ ජනතාවට නැති වුණොත් සමස්ත සමාජයම විශාල බිඳවැටීමකට ලක්වෙනවා. “උසාවි ගිහින් වැඩක් නැහැ” කියලා මිනිස්සු හිතනවා.

යම් කිසි කාරණයක් දිහා සාධාරණව බලන පැති කිහිපයක් තියෙන්න පුළුවන්. අධිකරණයත් අයත් වෙන්නේ ඒ සාධාරණය සම්බන්ධයෙන් තීන්දු දෙන්න. නමුත් මේ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ අවිශ්වාසයක් ඇති වුණොත් ඇතිවෙන්නේ මොකක්ද? විශාල ධනයක් වැය කරමින් පවත්වාගෙන පද්ධති බිඳවැටීමෙන් කිසිදු සෙතක් වෙන්නේ නැහැ. අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් යම් වරදක් තිබෙනවා නම් ඒ වරද සිදුවූ තැන දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. සමහර නඩුවලදී සාක්‍ෂිකරුවන්ගේ මතකය දුර්වල වීමෙන් ඒ සාක්‍ෂිකරුවන් ඉවත් වුණු අවස්ථා තිබෙනවා. එවැනි දේ පිළිගන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී සාක්‍ෂිකරුවන් සංශෝධනය වීමක් වෙන්න පුළුවන්. නමුත් විමර්ශනවලදී සිදුවුණු යම් අඩුපාඩුවක් පිළිබඳව කිසිදු සඳහනක් නැතිව ආණ්ඩු දෙකක් මාරු වීමෙන් පසුව මෙවැනි දේ සිදුවීම පිළිගන්න බැහැ. ආණ්ඩු වෙනස් වූ පමණින් අධිචෝදනාවල තිබෙන විමර්ශන සටහන් වෙනත් සාක්‍ෂි වෙනස් වෙන්න බැහැ. දුරකතන අංක සහ වෙනත් දත්ත වෙනස් වෙන්න බැහැ. කොටින්ම චෝදනා පත්‍රයේ කඩදාසිවල සඳහන් කරුණු ආණ්ඩු වෙනස් වීමෙන් වෙනස් වෙන්නේ නැහැ. එහෙම නම් දේශපාලන බලය වෙනස් වන විට අපරාධය, අපරාධයක් නොවෙන්න හැකියාවක් නැහැ. මේ සමස්තය දිහා බැලුවාම අපටත් බොහොම වගකීමකින් දෙයක් කියන්න සිදුවෙනවා. මේ රටේ ජනතාව විදිහට අපි එකතු වෙලා දණ්ඩ නීති සංග්‍රහහයට, පොදු දේපොළ පනතට හෝ වෙනත් ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් නීතියකට අලුතින් සංශෝධනයක් ගේන්න වෙනවා. “ලංකාවේ අපරාධ නීතිය හෝ වෙනත් නීතියක් බලයේ සිටින දේශපාලකයන්ට අදාළ නැත.” කියලා යොදන්න වෙනවා. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබුණු වගන්ති අපට පවා පුදුමයට පත්වෙනවා. ඉතාම අපුල හැඟීමක් ඇතිවෙනවා. නමුත් ඒක තමයි ඒ රටේ එදා තිබුණු නීතිය. මේ රටේ දේශපාලකයන්ට අපරාධ නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා දකුණු අප්‍රිකාවේ නීතිය වගේ එකක් සම්මත කරගත යුතුයි. එහෙම නොකර මහජනතාවගේ මුදල් විනාශ කරමින් විදේශවලට පවා යන විමර්ශන ගමන් නවත්වා දැමිය යුතුයි. තමන්ම නඩු දාපු නිතිපති දෙපාර්තමේන්තුව ඊලඟවතාවේ කියනවා නම් අධි චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව එවැනි නඩු පවරන්න ඕනෑ නැහැ. අපේ රටේ දේශපාලකයන්ට විරුද්ධව නඩු පවරන්නේ නැහැ කියලා වගන්තියක් එනවා නම් අපටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඒ අයටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අන්න එවැනි සාකච්ඡාවකට හරි යන්න වෙනවා. එහෙම නැත්නම් ජාතික ධනය වැය කරලා නිසි ආකාරව නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. එහෙම නැත්නම් මහජන ධනය නිරර්ථක ලෙස වැය කිරීම නැවැත්විය යුතුයි. යැයි නිතීඥ උපුල් කුමරප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය

Next Post

50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved