27 April 2024
#සංවර්ධන

50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද

මෙගාවෝට් 50ට වඩා වැඩි මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති වියාපෘති මගිනුත් 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් ලැබෙන බව සූර්ය,සුලං සහ ජලවිදුලි ජනන වියාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා දෙහිඅත්තකණ්ඩිය, දියවිද්දාගම “විදුල් බයෝමාස්” ආයතනය සතු මෙගාවොට් 3.3(MW) ධාරිතාවයකින් යුත් ජෛව ස්කන්ධ විදුලි බලාගාරය සහ මොනරාගල, කහම්බාන ප්‍රදේශයේ මෙ.වො 1 (MW) ධාරිතාවයෙන් යුත් සූර්ය බලාගාරවල නිරීක්ශන චාරිකාවකට එක් වෙමිනි.

මෙම ජෛව ස්කන්ධ විදුලි බලාගාරය ග්ලිඩිසීරියා උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන අතර වාර්ශිකව ගිගාවොට් පැය 24 ක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.බලාගාරයට අවශ්‍ය ග්ලිඩිසීරියා දැව අවශ්‍යතාව සපුරාලීමට ප්‍රදේශයේ පවුල් 15000 ක් පමන ග්‍රිඩිසීරියා වගාකරන අතර එමගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද විශාල පිටිවහලක් ලබාදෙයි.

විදු ලංකා පී.ඒල් . සී සමාගම සතු මොනරාගල,කහම්බාන කුඩා පරිමාණ සූර්ය බලාගාරයේ නිෂ්පාධිත විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමද එදින රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.මෙම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට වාර්ෂිකව ගිගා වොට් පැය 1.5ක ධාරිතාවයක් එක් කිරීමට අපේක්ෂිතයි.

* මහා පරිමාන ජල විදුලි බලාගාර, පොලව මත සවිකරන සූර්ය බලාගාර, සුලං බලාගාර (පොලව මත/සුලං මත), පියැසි මත සවි කරන සූර්ය බල පද්ධති, ජලය මත පාවෙන සූර්ය විදුලි බලාගාර, කුඩා පරිමාන ජල විදුලි බලාගාර, භූතාප විදුලි බලාගාර, ජෛව ස්කන්ධ විදුලි බලාගාර සහ මුහුදු රල මගින් විදුලිය නිපදවීම යන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ක් සැපිරීම 2030 දී ඉලක්ක ගත අරමුණ බව වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේය.

70% පුනර්ජනනීය ඉලක්කය වෙත ගමන් කරන ගමන සාක්ශාත් කර ගැනීමට මෙවැනි දෙස් විදෙස් ආයෝජන ඉතාමත් වැදගත් වන අතර මේ වනවිට රජය පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇත.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය ඒ අනුව මෙසේ යෝජනා කැදවීමට පියවර ගෙන තිබේ. නව ආයෝජකයන් විසින් 2007 අංක 35 දරණ පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සදහන් සුදුසුකම් සපුරා තිබිම අනිවාර්යයවේ.

යෝජනා ඉදිරිපත් කිරීමේ ලේඛනය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිඅධිකාරියේ (www.energy.gov.lk) වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මෙමෙ යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ “ලේකම් සූර්ය බල,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය, අංක 437 ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට 2021/11/01 වැනි දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය යුතුය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *