• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න අවශ්‍ය නැති බව ජනපති කියයි

20 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විසුරුවා හරන ලද පාර්ලිමේන්තුව නැවත රැස්වීමට අවශ්‍ය නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (20) මාධ්‍ය වෙත විශේෂ සංවාදයකට එක්වෙමින්. මෙය මෙහෙයවනු ලැබුවේ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතා විසිනි.

ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතා අසන ලද ප්‍රශ්ණය වන්නේ “ ජනාධිපතිතුමනි, මේ වසංගතයෙන් වගේම ජනතාවට තවත් වැදගත් කරුණක් තිබෙනවා. දිගුකාලීනව බැලුවම ස්ථාවර රජයක් තිබිය යුතුයි. මේ සියලු ක්‍රියාමාර්ගයන් සාර්ථක කරගැනීමට ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත ව තිබුණත්, එය එදිනම පැවැත්වීමට හැකියාවක් නැති බවයි, මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ. මේ ගැන ඔබතුමන් දරන අදහස කුමක්ද?

පිළිතුර

2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මා ජයග්‍රහණය කලේ 69 ලක්ෂයක පැහැදිලි ජන වරමකින්. මම ජනතාවට සෞභාග්‍යයේ දැක්ම නමින් ප්‍රථිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුනා. මේ රටේ බහුතර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදිව තම ජනාධිපතිවරයා පත්කර ගත්තේ ඒ ප්‍රථිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා ජනතාව අනුමැතිය ලබා දී තිබුනත් මට සිදුවුයේ 2015 අ‍ගෝස්තු මාසේ තෝරා පත්කර ගනු ලැබු පාර්ලිමේන්තුවක් සමග කටයුතු කිරීමටයි. එම පාර්ලිමේන්තුව නියෝජනය කලේ වර්තමාන ජනමතය නොවෙයි. පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් නොතිබුන නිසා මට සිදුවුනා සුලුතර ආණ්ඩුවක් පිහිටුවන්නට.

මා ජනාධිපතිවරයා වශයෙන් බලයට පත්වන විට පාර්ලිමේන්තුව විසින් 2020 වසර සඳහා අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. පසුගිය රජය රට පාලනය කරමින් සිටියේ අතුරු සම්මත ගිණුමක් හරහායි. ඒ වන විටත් රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබුණා.

ජනතාව බලාපොරොත්තු වු ආකාරයට මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් නව අයවැයක් හෝ අතුරු අයවැයක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍යව තිබුණා. අප පොරොන්දු වු ආකාරයට අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට , තාක්ෂණික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීමට, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට, කඩා වැටුනු ආර්ථිකය ගොඩ නැගීමට රජයට මුල්‍ය පාලන හැකියාව තිබිය යුතුයි.

මේ නිසා තමයි ව්‍යවස්ථාවට අනුව මට ලැබුනු පළවෙනි අවස්ථාවේදිම මාර්තු මස 02 දින තිබු පාර්ලිමේන්තුව විසුරුවා හැර සැබැ ජනමතය නියෝජනය වන නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමටත් නව පාර්ලිමේන්තුව මැයි මස 14 දා කැඳවීමටත් මම තීරණය කලේ. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍යවන සම්පුර්ණ නිදහස හා බලය ඒ අනුව මැතිවරණ කොමිසමට පැවරුනා. මගේත් මැතිවරණ කොමිෂන් සභාවෙත් ප්‍රමුඛ යුතුකම හා වගකීම වන්නේ ඡන්දයකින් තම නියෝජිතයන් පත් කරගැනීම සඳහා වු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රිය අයිතියට ගරු කොට නිසි කලට මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීමයි.

නමුත් ඔබ දන්නවා වර්තමාන වසංගත තත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා මාස 03 ක් ඇතුලත නව පාර්ලිමේන්තුව රැස් විය යුතුයි. ඒ අනුව නව පාර්ලිමේන්තුවක් රැස් විය යුතු අවසාන දිනය වන්නේ ජුනි මස 02 දායි. ඒ සඳහා මැතිවරණය පවත්වන්නේ කුමන දිනයකදැයි තීරණය කල යුත්තේ කලින් නියම කොට තිබු දිනය වෙනස් කල ස්වාධීන මැතිවරණ කොමිසමමයි.

පවතින තත්වය යටතේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීම ස්වාධීන මැතිවරණ කොමිසමට අවස්ථාව තිබෙනවා. ඔවුන්ට අවශ්‍යනම් මැතිවරණය සඳහා දින කිහිපයක් වුනත් ගන්නට පුලුවන්.

වර්තමාන ව්‍යවස්ථාව තුල මැතිවරණය සම්බන්ධයෙන් වු විශාල බලයක් මැතිවරණ කොමිසම සතුව තිබෙනවා.

ඡන්දය පවත්වන ලෙස හෝ කල්තබන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරන්නට මම සුදානම් නැහැ. මා මෙතෙක් සියලු කටයුතු ව්‍යවස්ථාපිතව ඉටුකර තිබෙන අතර, නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු දිනය දැනුම් දී තිබෙනවා. යම් හෙයකින් ජූනි 02 දා වන විට ඡන්දය තබා නව පාර්ලිමේන්තුව පත් වී නොතිබුනොත් මට පාර්ලිමේන්තුව කැඳවන්නට ලැබෙන්නේ නැහැ. එය කරන්න සිදුවන්නේ ඉදිරි දිනකයි. ‍කෙසේ නමුත්, මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මට අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහා මට නීතිමය වාතාවරණයකුත් නැහැ.

මේ වන විට කොරෝනා උවදුර මර්දනය කිරීම සඳහා අවශ්‍ය කරන සෑම පියවරක්ම මගේ රජය විසින් ගෙන තිබෙනවා. රටේ සියලුම ප්‍රධාන පෙලේ පක්ෂ ඇතුලු කණ්ඩායම් ගණනාවක් මැතිවරණය සඳහා නිසි පරිදි නාම යෝජනා භාරදී තිබෙනවා. ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ වගකීම දැන් තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමටයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන සියලුම ව්‍යවස්ථාපිත සහය රජය ලබා දී තිබෙනවා. මැතිවරණය අවසන් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කරගත් පසු නව පාර්ලිමේන්තුව කැඳවීමට මම සුදානම්.

ප්‍රශ්නය – අතිගරු ජනාධිපතිතුමා මේ දිනවල විරුද්ධ පකෂයේ නොයෙකුත් කණ්ඩායම් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බව හුවා දක්වමින් අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතු යැයි ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. කුමන කාලයේ එම මැතිවරණය පැවැත්විය යුතු ද යන්න පිළිබඳවත් ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ පිළිබඳව ඔබතුමන් දරන අදහස කුමක් ද?

 

පිළිතුර – “මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා. රටට අවශ්‍ය කුමක්ද, එය කල හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ නීතිමය ගැටලුවක් මේ අවස්ථාවේ නැති බවත් ව්‍යවස්ථාපිතව සිදුවිය යුත්ත ඉතා පැහැදිලි බවත්, අවසාන වගකීම තිබෙන්නේ කා ලගද යන්න ගැන සැකයක් නැති බව මම මේ අවස්ථාවේ සියලු දෙනාටම මතක් කොට සිටිනවා.

සමස්ථ ලෝකයම දණ ගැස්සු කොරෝනා තර්ජනයට ‍ධෛර්යමත්ව මුහුන දී රට ගොඩනැගිමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා ජනතාවට වු පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සහය රටට ආදරය කරන ඔබ සියලු දෙනාගෙන්ම අපේක්ෂා කරනවා.

 

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

මහ මැතිවරණය ජූනි 20 වනදා ! ගැසට් නිවේදනය සුදානම්

Next Post

ආණ්ඩුව විසින් වසංගතව මර්ධනය වෙනුවට ජිවිත අනතුරේ දමන බව හිටපු ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

ආණ්ඩුව විසින් වසංගතව මර්ධනය වෙනුවට ජිවිත අනතුරේ දමන බව හිටපු ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved