27 April 2024
#දේශීය

මහ මැතිවරණය ජූනි 20 වනදා ! ගැසට් නිවේදනය සුදානම්

මහමැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා එය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දෙයි. 

 

පෙර පුවත (9.00 පස්වරු ) 

මහ මැතිවරණය ලබන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වේ. 

අද දින මැතිවරණ කොමිෂම රැස් වු අවස්ථාවේදී අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊට අදාළගැසට් නිවේදනය අද රාත්‍රියේදීම නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ අතර හෙට දිනයේදී පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව තිබේ.

අද පැවැති සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි සෞඛ්‍ය අංශ ඉහල නිලධාරින් කියා සිටියේ මැතිවරණය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *