• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලනයට අකුල්හෙළීමට කිසිවෙකුටත් අයිතියක් නෑ – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

26 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට දේශපාලනය කිරීමට තිබෙන අයිතිය අන් සැමට තිබිය යුතු බවත්, කරනු ලබන දේශපාලනයට අකුල්හෙළීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “අපි ගත කරමින් සිටින්නේ ඉතිහාසයේ අතිශයින් තිරණාත්මක කාලවකවානුවක. 69 ලක්ෂයක ජනවරමක් ලබා ගත්ත ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ධූරය හිස්වන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙරට 08 වෙනි ජනාධිපතිවරයා විදිහට වැඩ භාර ගත්තා. ඉතිහාසයේ කවදාවත් කියවලා නැති සිදුවීම් සිදුවන අවස්ථාවක්. අවාසනාවකට අපි තවම අගරල කරන්නේ පුරවැසිභාවය තියෙන අය, නැති අය, සුදු අය, කළු අය විදිහට කෑලි කොටස් විදිහට බෙදා ගනිමින්. ඒ අනුව දේශපාලනය කරන්න පුරවැසිභාවය තිබිය යුතුමද යන ප්‍රශ්නය ඉදිරියේදී අහන්න සිදුවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ප්‍රබලම දේශපාලන පක්ෂය. ඒ නිසා මේ පක්ෂයේ නිර්මාතෘවරයාට අවකාශය තිබෙනවා තමන් විසින් විශ්වාස කරන දේශපාල ධාරාව ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා තමයි මම කිව්වේ ඉතිහාසයේ කවදාවත් අත් නොවිදිපු තීරණාත්මක කාලපරිච්ඡේදයකයි කටයුතු කරන්නේ කියලා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය, බහු පක්ෂ ක්‍රමය, ජනමාධ්‍ය නිදහස, විවෘතභාවය, නීති ආධිපත්‍ය මේ සියලු දෑ පිළිබඳ කටයුතු කරන දේශපාලන පක්ෂයක්. අපි කාගෙවත් බත්පතට වැලි අහුරක් දාන්න කැමති නැති දේශපාලන පක්ෂයක්. අපි තදින් විශ්වාස කරනවා මෙරටේ දේශපාලනය කිරීමට අපිට තියෙන අයිතිය අන් හැමටම තිබිය යුතුයි කියලා. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ දේශපාලනයට අකුල්හෙළීමට කිසිවෙකුටත් අයිතියක් නෑ කියලා. විපක්ෂය වගකීම් විරහිතව හුදු බලය ලබා ගැනීමේ අරමුණින් දේශපාලන යාන්ත්‍රණය මෙහෙයවීමට වෙහෙසෙනවා. මේ අවස්ථාවේ කාටහරි බලය ලබා ගැනීමට උත්සුක වනවාට වඩා වැදගත් වන්නේ අපි අත්විදින ප්‍රශ්නවලට අපි කොහොමද පිළිතුරු සොයන්නේ එකට එකතුවෙලා කියලා. වත්මන් ජනාධිපතිතුමා පුන පුනා කියා සිටියා අපි එක්කහුවෙලා මේ ප්‍රශ්න විසඳමු කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදි බහු පක්ෂ ක්‍රමයට කෙනෙහෙළිකම් කරන්න එපා. අපිට කතා කරන්න, රැස්වීම් පවත්වන්න, පාක්ෂිකයෝ මුණගැහෙන්න තිබෙන අයිතිය උදුරගන්න එපා. අපි දැක්කා අරගලය වේලාවේ මේ රටේ විපක්ෂයේ බහුතරයක් අරගලයත් එක්ක හිටියා. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න විසඳීමට විපක්ෂය සහය වෙන්න. ප්‍රශ්න මේ රටේ මිනිස්සුන්ගේ ඔලුවට උඩිනුත් ගලලා හමාරයි. ඒ නිසා අපි දැන් පසමිතුරු දේශපාලන ක්‍රමය නවත්තමු. අපි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳෙව්වා. ඉඩම් අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථය පිළිබඳවත්, ආයතනික වෙනස්කම් පිළිබඳවත් කෝප් කමිටුවට වාර්තා කරන්න කියලා. ඒ වගේම අමාත්‍යංශ ලේකම්ට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගෙනුත් ඉල්ලා හිටියා ඉඩම් ලේඛනයක් පිළියෙල කරලා ඒවායේ වටිනාකම ඇස්තමේන්තු කරලා විගණකාධිපතිතුමාට තමන්ගේ නිර්දේශ ලබාදෙන ආකාරයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සති 06 ක් ඇතුලත සිදු කරන්න කියලා. මෙවර කෝප් කමිටුවට කාල නිර්ණයාකයන් පමුණුවනවා. අපි ඉඩම් හදුනා ගැනීමටත්, ඒවායේ වටිනාකම් තක්සේරු කිරීමටත් බල සම්පන්න කමිටුවක් පත් කළා. පංච පුද්ගල කොමිසමක් පත් කළා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ආර්ථිකයට විශාල බරක් විදිහට තිබෙන රාජය ව්‍යවසායන්වල අවශ්‍ය ප්‍රතිසංස්කරණ රජය විසින් මේ අවස්ථාවේ කරගෙන යන සහ ඒ සඳහා අවශ්‍යකරන සහයෝගය ලබා දෙනවා. ” යැයි මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 1
Previous Post

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට සමගාමීව වෙළසැල් ආරම්භ කරයි

Next Post

රත්තොට මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා පුහුණු කිරීමේ වැඩමුළුවක්

editor

editor

Next Post

රත්තොට මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා පුහුණු කිරීමේ වැඩමුළුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved