27 April 2024
#දේශීය

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට සමගාමීව වෙළසැල් ආරම්භ කරයි

“සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට” සමගාමීව සංවිධානය වූ මාලිගාතැන්න රන්රස සෞභාග්‍යයා නිෂ්පාදන සමිතියෙහි සාමාජිකයන් තිදෙනෙකුගේ නිශ්පාදනය අලෙවි කිරීම සඳහා ජංගම වෙළෙඳ කුටි විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයේ සිදු කෙරුණි.

මෙම අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්.නියෝජ්‍ය නගරාධිපති අමිල් නිරෝෂන් යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු මාලිගාතැන්න වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය විසින් සිදුකරන ලදී.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *