• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද්ධය වෙනුවෙන් කැප වු සියළු රණවිරුවන්ට පිඩනයක් ඇති වන්නට ඉඩ දෙන්නේ නෑ – ජනපති

20 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ බලවත් රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කල රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (19) බත්තරමුල්ලදී 11 වන රණවිරු සැමරුම් උළෙල අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්පූර්ණ කතාව පහත පරිදි වේ.

 

මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි දිනයක්. මීට වසර 11 කට පෙර 2009 මැයි මස 19 දා, අපි වසර 30 කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කලා.

සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනුයි. ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටත්, තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විදිමටත් හැකි වාතාවරණයක් ඇති කර දෙනු ලැබුවා.

වසර 30 ක් වැනි කාලයකට පසු නිදහස් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කර, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට බාධාවකින් තොරව, රටේ ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට හැකි වාතාවරණයක් යලි උදාකර දුන්නා. භීෂණයෙන් වෙලී තිබූ රටට සාමය උදා කිරීම සඳහා අපේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කලා.

යුද්ධය රෝස මල් යහනාවක් නොවෙයි. විශේෂයෙන්ම නීතිය පිලිනොගන්නා ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමඟ සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා.

ඒ අවුරුදු 30 ඇතුලත, එක් ප්‍රදේශයක නෙමේ, රටේ සෑමතැනකම අසරණ සිවිල් මිනිසුන් මියගියා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලිවලට බෝම්බ ගැසීම් ආදිය නිසා, මේ රට තුළ විශාල ජීවිත සහ දේපළ විනාශයක් ඇති වුනා. මානුෂිය මෙහෙයුමේ අවසාන අරමුණ වුනේ රටට දීර්ඝ කාලීන සාමය උදාකර දීමයි.
රණවිරුවන් කල ඒ සුවිශේෂී කැපකිරීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ සහ සාමකාමීව ජීවත්වීම සඳහා අවස්ථාව ලැබී තියෙනවා.

බුදු දහමින් පෝෂණය වූ අපේ රටේ තිබෙන්නේ සියලූම ආගමිකයන්ට, සියලුම ජාතීන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. ඉතිහාසය පුරා මේ රට තුල සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී සෑම ජනකොටසකටම සමානව ජීවත්වීමේ අයිතිය තිබුනා.

අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අපව බෙදා වෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුනානම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන, දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන, යුධ බිය ජන ජීවිතයේ කොටසක් බවට වූ, තවත් එක් අවාසනාවන්ත, බෙදුන රටක් බවට ලංකාව පත් වෙනවා.ඒ ව්‍යසනයෙන් රට මුදවාගැනීමේ ගෞරවය, දීර්ඝ කාලයක් මුලුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කල සියලූම වීරෝධාර රණ විරුවනට ලබා දිය යුතුයි.
දශක 3 ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න ඇතුලු සියලු රණවිරුවන්ව අප මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

යුධ හමුදාවේ අවුරුදු 20 ක් සක්‍රීය සේවයේ යෙදුන නිලධාරියෙකු ලෙසත්, පසුව දස වසරක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, පුරවැසියෙකු ලෙසත් අපේ රණවිරුවන් කල කැප කිරීම පිලිබඳව මට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නෙ නෑ.මගේ රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සහතික වෙනවා.

ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කල රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න මා කිසිවිටකත් ඉඩ දෙන්නෙ නෑ.

ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම් එම ආයතන‍යේ හෝ සංවිධානවල සාමජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නෑ.

Even leaders of powerful countries have emphatically stated that they would not allow any action against their war heroes. As such, in a small country like ours where our war heroes have sacrificed so much, I will not allow anyone or organization to exert undue pressure on them and harass them.

If any international body or organization continuously target our country and our war heroes, using baseless allegations, I will also not hesitate to withdraw Sri Lanka from such bodies or organizations.”

දශක 3 ක් පුරා බෙදුම්වාදයට එරෙහි සටනට දායකත්වය සැපයු සියලූම රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට අපි මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුදකරනවා.

රණ විරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් මේ රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීම ඔවුන්ට කල හැකි ඉහලම ගෞරවයයි. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය ලබාදෙන ලෙස සියලූම දේශ මාමක පුරවැසියන්ගෙන් මේ රණ විරු ස්මාරකය අභියසදී මම ඉල්ලා සිටිනවා.

ඔබ සැමට ස්තූතියි

තෙරුවන් සරණයි

Post Views: 1
Previous Post

පොහොට්ටුවට වැඩ කිරීම නිසා සමරසිංහ පක්ෂයෙන් එලියට …!

Next Post

රාජපක්ෂලා අධිකරණය ගැන කිඹුල් කදුළු හලනවා – හැරිසන් කියයි

editor

editor

Next Post

රාජපක්ෂලා අධිකරණය ගැන කිඹුල් කදුළු හලනවා - හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025

Recent News

නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved