27 April 2024
#දේශීය

පොහොට්ටුවට වැඩ කිරීම නිසා සමරසිංහ පක්ෂයෙන් එලියට …!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද සමරසිංහ මහතාව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කර තිබේ.

එසේම සමරසිංහ මහතාව කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ සමරසිංහ මහතා විසින් පසුගිය කාලයේදී පොදු ජන පෙරමුණේ එනම් පොහොට්ටුව පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා මෙලෙස පක්ෂයෙන් ඉවත් කර ඇති බවයි. මෙය පක්ෂ සභාපතිවරයාගේ අනුදැනුම මත සිදු වු දෙයක් බවත් ඉදිරියේදී පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *