මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය භාවිතයෙන් ගෑස් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් කෙරෙහි නෝර්වේ රාජ්‍යයේ විශේෂ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ නෝර්වේ කොන්සල් ස්ටර්ල් හැරල්ඩ් පීඩර්සන් මහතා අතර ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. කෘෂි අපද්‍රව්‍යවලට අමතරව සුළං, සූර්ය සහ උදම් රළ මඟින් බලශක්තිය නිපදවීමට සහය විය හැකි බව පැවසූ කොන්සල්වරයා, දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලශක්තියෙන් හයිඩ්‍රජන් නිපදවා එය ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ තාක්ෂණික වාර්තාවක් ද අමාත්‍යවරයා වෙත භාර දුන්නේය. මෙමගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බලශක්ති අවශ්‍යතා තිරසාර ලෙස සපුරා ගැනීමට අපේක්ෂිතය.














