• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස්පෙළ උත්තර පත්තර නොබැලීම දරුවන්ට කරන ලොකුම අසාධාරණයක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

19 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උසස් පෙළ විභාගය යනු කඩයිම් විභාගයකි. උත්තර පත්තර නොබැලීමේන් දරුවන්ට ඉතා විශාල අසාධාරණයක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා, “චීනයට රිලවුන් ලබාදීම සම්බන්ධව කතාවට ලක්වෙලා තිබෙනවා මේ කාලයේ. චීනයට අපේ රිලවු ටික භාර ගන්නවා නම් ඉතාමත් හොඳ දෙයක්. මම ගොවි ප්‍රදේශයක ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක්. මේ රිලවුන්ගෙන් , ඌරන්ගෙන් වගා හානිය කොච්චරද කියන්න බෑ. අද වන විට අපේ රටේ පොල් වගාවට විශාල හානියක් වෙලා තිබෙනවා. ඒ වගේම පළතුරු වගාව අපේ රටේ 40% නිෂ්පාදනයෙන් රිලවුන්ගෙන් විනාශ වෙනවා. ඒ විතරක් නොවේ ගෙවල්වලට පැනලා පිසාගත්ත බත් මුට්ටිය උස්ගෙන යනවා. ඒ වගේම සිගිරිය , අනුරාධපුරය වැනි ප්‍රදේශවල වන්දනාගමන් යන වන්දනාකරුවන්ගේ අතේ තිබෙන දේ උස්සගෙන යනවා. ඇත්තටම මේ රිලවුන්ගෙන් තිබෙන කරදරය, විනාශය සුළුපටු නොවේ. මම සතුන්ට ආදාරය කරන පුද්ගලයෙක්. අපි කියන්නෑ රිලවු මරන්න කියලා.කොහෙහරි ගිහිල්ලා ජිවත් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තියෙනවා නම් එය තමයි ලොකුම දෙය. චීනයට රිලවුන් අරන් ගියත් නැතත් රිලවුන්ගෙන් තිබෙන මේ ප්‍රශ්නයට විසඳුමක් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. නැත්නම් අපේ රටේ සංවර්ධනයට , කෘෂි සංවර්ධනයට, ජනතාවගේ ජන ජිවිතයට විශාල හානියක් වෙනවා. හැබැයි මේ කොළඹ ඉන්න සමහර පරිසරවේදින්ට තේරෙන්නේ නෑ. ඒ නිසා පරිසරවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ සිටින අහිංසක ජනතාව පිළිබඳවත් රිලවුන්ට කරන අනුකම්පාවක් ලෙසම කළොත් හොඳයි කියලා. ඒ නිසා මෙයට පිළියමක් යෙදීම අත්‍යවශ්‍ය. ප්‍රති‍ත්‍රස්ත පනත කියන්නේ ත්‍රස්තවාදයට ප්‍රති උත්තරයක් හැටියට තමයි මේ පනත ගෙනල්ලා තිබෙන්නේ. කවුරුවත් ත්‍රස්තවාදයට කැමති නෑ. අපි දන්නවා අපේ රටේ නොයෙකුත් ත්‍රස්තවාදීන් මතු වුණා. ත්‍රස්තවාදයෙන් බැටකන්නේ රටේ ජනාධිපතිතුමාවත්, ඇමති මණ්ඩලයවත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු නොවේ. සාමාන්‍ය ජනතාවයි. පාර්ලිමේන්තුවේ හිටපු අහිංසක, නිහතමානි මන්ත්‍රි අතුකෝරාළ මන්ත්‍රිතුමා අමු අමුවේ මරලා දැම්මා. ඒ වගේම අපේ ගෙවල් විනාශ කළා. මමත් ත්‍රස්තවාදයට ගොදුරු වුණා. ඒ නිසා මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ලා තිබෙන්නේ ජනතාව ත්‍රස්තවාදයෙන් බේරගන්න. එහෙම නැතිව වෙන කවුරුත් බේරගන්න නොවේ. ඒ නිසා මේකට විවිධ අර්ථකතන දෙනවා විවිධ පිරිස් මහා විනාශයක් කරන්න හදනවා කියලා. ත්‍රස්තවාදයට බියවන්නේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් කරන පිරිස්. මේ ප්‍රතිත්‍රස්ත පනතෙන් සිදුකරන්නේ ජනතාව ආරක්ෂා කිරීමක්. ඒ නිසා අපි කියන්නේ ගොනි බිල්ලෝ මවන්නේ නැතිව මේ පනතට කවුරුත් උදව් කරන්න. මේ රටේ යහපැවැත්මට ගෙන එන ලද පනතක්. අපි ජනතාවට විරුද්ධව පනත් ගේනවානම් අත උස්සන්නේ නෑ පාර්ලිමේන්තුවේදී. අපි ජනතාවගේ ඡන්දයෙන් ඇවිත් ඉන්නේ. අපි ඔවුන්ව ආරක්ෂා කරන්නයි ඉන්නේ. මෙය අයහපතක් නැති පනතක්. තාම මේ පනත ගැන අංග සම්පූර්ණව කවුරුවත් කියවලා නැති අය තමයි ඔය හූඟාක් දෙනෙක් විවේචනය කරන්නේ. ආණ්ඩුව හැම වෙලාවකම මොකක්හරි ගෙනාවොත් ගොනි බිල්ලෝ මවන්න වෙනම පිරිසක් මේ රටේ ඉන්නවා. උසස්පෙළ ශිෂ්‍යන්ගේ උත්තර පත්තර නොබැලීම මේ යුගයේ කරන ලොකුම අසාධාරණය. අද වන විට අපේ කාලයේ තිබ්බ තත්වය වෙනස් වෙලා. එදා ගුරුවරු කියලා කියන්නේ දෙවිවරු වගේ සැලකු අයටයි. අද වන විට ගුරුවරුන්ට ඒ තත්වයක් තියෙනවාද කියලා අපි හිතලා බලන්න ඕන. අපේ දරුවෝ බොහෝම අමාරුවෙන් ඉගෙන ගන්නේ. දරුවා තමයි තමන්ගේ අනාගත බලාපොරෙත්තුව දෙමාපියන්ගේ. දහසක් බලාපොරොත්තු තියාගෙන තමයි දෙමාපියෝ දරුවන්ට උගන්වන්නේ. උසස් පෙළ විභාගය කියන්නේ කඩයිම් විභාගයක්. මහා විශාල අසාධාරණයක්. ඔය උත්තර පත්තර බලන ආචාර්ය මහාචාර්යවරු ඒ පිරිස් උසස් පෙළ විභායේ ප්‍රතිපල එනකන් කොච්චර බලාගෙන හිටියද කියන එක අමතක වෙලා. මනුෂ්‍යත්වය තියෙන අයට ඔය විදිහට කටයුතු කරන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඒ ආසාධාරණය දරුවන්ට නොකර උත්තර පත්තර බලලා ඒ දරුවන්ගේ සිහින සැබෑ කරන්න කියලා උගත් විද්වත් පරම්පරාවෙන් ඉල්ලා සිටිනවා.”යැයි මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

2025ට පෙර පළාත් පාලන ආයතන වල සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට නියමිතයි – නාගරික සංවර්ධන අධිකාරිය

Next Post

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ සමුළුවක් මැලේසියාවේදී

editor

editor

Next Post

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ සමුළුවක් මැලේසියාවේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved