• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2024 අයවැයෙන් ජනතාවට සහනයක් ලැබේදැයි විශ්වාසයක් නෑ – මන්ත්‍රී තිස්ස

30 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2024 අයවැය ලේඛනය හරහා රටේ ජනතාවට යම් සහනයක් ලබාදීමට ආණ්ඩුවට හැකිවේදැයි විශ්වාසයක් නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (30) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

රටට සහනදායි අයවැයක් ගෙන එන බව පවසන ආණ්ඩුව කළ යුත්තේ ජනතාවගේ ජීවන වියදම ෙපාලනය කිරීමට උපායමාර්ගික පියවරක් අනුගමනය කිරීම බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

රටේ ආදායම , නිෂ්පාදන වැඩි වන ආකාරයට අය වැය ලේඛනය ඉදිරිපත් කරන ලෙසත් එසේ නැති වුවහොත් 2024 – 2025 අවුරුදු වලදී ජනතාවගේ ආදායම් බිඳ වැටී වියදම වැඩිවීමට ඉඩකඩ තිබෙන බවත් ඒ මහතා හෙතෙම පැවැසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා පැවසුවේ , ලංකාව අද තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු වගකීව යුතු බවත් ඒ සියල්ලට අවස්ථාව පැමිණි විට ජනතාව පිළිතුරු ලබා දීමට සුදානමින් සිටින බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ‘‘රට මේ වනවිට අර්බුද ගණනාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. මිනිස්සුන්ට ජීවත්වීමට තිබෙන සහනදායි තත්ත්වය ඉක්මවලා ගිහින් මිනිස්සු දැඩි පීඩනකාරී තත්ත්වයට පත්වෙලා සිටිනවා. ඒ පීඩනය අඩු කිරීමට ආණ්ඩුව සහන දෙනවා වෙනුවට ජනතාවට ලබාදෙන පීඩනය වැඩි කරන්න ආණ්ඩුව විවිධ පියවර ගනිමින් ඉන්නවා. විදුලිබිල වැඩි කරන්න ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්මය තීන්දුවට රටේ ජනතාව කිසිසේත් එකඟවෙන්නෙ නෑ. විදුලිබිල සියයට 400 කින් පමණ මේ වනවිට වැඩිවෙලා තිබෙනවා. ඒ අතර පළමු වැනිදා සිට ඉන්ධන මිලේ සංශෝධනයක් පිළිබඳ කතාබහක් ඇතිවෙලා තිබෙනවා. නැවත වතාවක් ගෑස් මිල වැඩිකරන බවද ගෑස් සමාගම් සඳහන් කර තිබෙනවා. මිනිසුන්ට බලපාන අත්‍යාවශ්‍ය දේවල් වල මිල ඉහළ දැමීම හරහා රටේ ජනතාවගේ ජීවන තත්ත්වයට අත්වන භායානක තත්ත්වය පිළිබඳ ආණ්ඩුව තේරුම් ගෙන සිටිනවාද කියන කාරණය අපහැදිලියි.
මේ වනවිට විශාල උද්ඝෝෂණ රැල්ලක් රට පුරා පැතිරෙමින් තිබෙනවා. විදුලිබිල වැඩි වීම , වැඩි වෙන්න නියමිත ගෑස්මිල ඉන්ධන මිලට විරුද්ධව ජනතාව මේ වනවිට පාරට බැහැලා තිබෙනවා. විදුලි බල නිෂ්පාදනය සඳහා යන වියදම වැඩියි කියලා ආණ්ඩුවට තර්ක කරන්න බෑ. මේ වනවිට විදුලිබලය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම පිරිලා ඉතිරිලා තිබෙනවා. ආණ්ඩුවට විදුලිය මිලදී ගන්න අවශ්‍ය නැ. අවශ්‍ය තරම් විදුලිය බෙදා හරින්න සම්පත් තිබෙනවා. මේ වගේ අවස්ථාවක විදුලිය වැඩි වෙනවා කියලා ආණ්ඩුවට කියන්න බෑ. විදුලි බල මණ්ඩලයේ පාඩුවේ බර රටේ ජනතාව දැරිය යුතුයි කියලා ආණ්ඩුව තර්ක කරනවානම් ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. විදුලිබල මණ්ඩලයේ නාස්තිය දූෂණය හොරකම අඩු කරන්න ක්‍රියා කරනවා වෙනුවට ඒවා සහතික කරමින් ඒ බරත් ජනතාව පිට පටවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ ක්‍රියා කලාපයට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය දැඩි විරෝධයක් පළ කරලා තිබෙනවා. විදුලිබිල වැඩි කිරීම රටේ නිෂ්පාදනවලට බලපානවා. සාමාන්‍ය විදුලි පාරිභෝගිකයන්ට බලපානවා පූජනීය ස්ථාන ඇතුළු රටේ සෑම ක්ශ්‍රේත්‍රයකටම බලපානවා. වර්ෂයක් ඇතුළත තුන්වතාවක් විදුලිබිල වැඩිකරන්න මේ ආකාරයෙන් ඉල්ලා සිටීම ජනතාවාදී ආණ්ඩුවක් නොකළ යුතු ක්‍රියාවක්. ආණ්ඩුව උත්සහ කරන්නේ ජනතාව තව තවත් පීඩාවට පත් කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු කියනවා විදුලිබිල වැඩියි ජනතාවට දරන්න බෑ කියලා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කියනවා විදුලි බිල වැඩි කියලා. ආණ්ඩුව කරන්නේ සමගි ජනබලවේගය නෙවෙයිනේ. විදුලි බිල වැඩියි කියන මැති ඇමැතිවරුන්ට පුලුවන් වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණ හවුල් ආණ්ඩුවට කියන්න විදුලි බිල අඩු කරන්න ඒක ජනතාවට දරන්න බෑ කියලා. ඒ ගැන ජනාධිපතිවරයාට කියන්න ඔවුන්ට පුලුවන් වෙන්න ඕන. ඒක කරන්න ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට නොහැකි වෙලා තියෙනවා. මේ දේවල් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙන්නේ ඔවුන් කරන්නේ රඟපෑමක් නිසා. ආණ්ඩුව කරන දේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු දන්නෑ කියන්න තරම් ආණ්ඩුව බංකොලොත් වෙලා තිබෙන්නේ. 2024 අයවැය ලේඛනය ලබන මාසයේ 13 වැනිදා ඉදිරිපත් කරන්න සැලසුමු කරලා තිබෙනවා. ලබන මාසයේ ඉදිරිපත් කරන අයවැය ලේඛනය ගැන විවිධ කතා මේවනවිට පැතිරෙමින් තිබෙනවා. ආණ්ඩුවේ ඇතැම් පිරිස් කියනවා රටට සහනදායි අයවැයක් ගේනවා කියලා. ඒක රටේ ජනතාව හැමදාම අහන කතාවක්. සහදායි අයවැයක් ගේනවානම් මුලින්ම කළ යුත්තේ ජනතාවගේ ජීවන වියදම වැඩිවෙලා තිබෙන තත්ත්වයක එය පාලනය කිරීමට උපායමාර්ගික පියවරක් අනුගමනය කිරීම. ආණ්ඩුවට 2024 අයවැය ලේඛනය හරහා රටේ ජනතාවට යම් සහනදායි පියවරකට අවතීරණය වෙන්න පුලුවන් කියලා විශ්වාස කරන්නේ නෑ. රටේ ජනතාව 2019 සිට මේ දක්වා විවිධ කාරණා ඔස්සේ පීඩාවට පත්වෙලා තිබෙනවා. ආණ්ඩුව රට යම් තරමක් දුරට ස්ථාවර කළා කියලා පම්පෝරි ගහන නිසා 2024 දීවත් ජනතාවට සහනයක් දෙන්න පුලුවන් විදිහේ අයවැය ලේඛනයක් සකස් කරන්න.

මුදල් රාජ්‍ය ඇමැති කියනවා අලුත් බදු ගණනාවක් හදුන්වලා දෙනවා කියලා. ඒ බදු සමාන්‍ය ජනතාවට බලපාන්නේ නෑ කියල් මුදල් රාජ්‍ය ඇමැති කියනවා. නමුත් ඒ කතා බොරු. බදු ගහපු හැම අවස්ථාවකම ආණ්ඩුව කියන්නේ මේ කතාව. නමුත් අවසානයේ බදුවල මුලු බර සාමාන්‍ය ජනතාව මත පැටවෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ රටේ ජනතාවට සහනයක් ලැබෙන පරිදි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න කියලා. රටේ ආදායම , නිෂ්පාදන වැඩි වන ආකාරයට අය වැය ලේඛනය ඉදිරිපත් කරන්න. එසේ නැති වුණොත් 2024 2025 ජනතාවගේ ආදායම් බිඳ වැටිලා වියදම වැඩිවෙන්න ඉඩකඩ තිබෙනවා. ආණ්ඩුව හදිසි කැබිනට් සංශෝදනයක් සිදුකළා. සෞඛ්‍ය ඇමැතිවරයා පරිසර ඇමැති කරලා සෞඛ්‍ය ඇමැතිධූරයට වෙන කෙනෙක් පත් කරලා ආණ්ඩුව හැදුවා කියලා කියන්න සූදානම් වෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය විශ්වාසභංග යෝජනාව ගෙනාපු වෙලාවේ පොහොට්ටුවේ පිරිස කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු වංචාවක් , දූෂණයක් , බාල බෙහෙත් ගෙන්වීමක් සිදුවෙලා නෑ කියලා. නමුත් විපක්ෂය ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ කරුණු පිලිගන්නේ නැතුව තවදුරටත් ඒ විශ්වාසය ඇමැතිවරයා සතුව තිබෙනවා කියලා පාර්ලිමේන්තුවේ 113 දෙනෙක් සහතික කළා. නමුත් අද වනවිට ජනාධිපතිවරයා පිලිගෙන තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල බිඳවැටීමක් තිබෙනවා කියලා. ඒ නිසා තමයි ඇමැතිකම මාරු කළේ. හිටපු සෞඛ්‍ය ඇමැති සාර්ථකනම් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැ නේ.

පාර්ලිමේන්තුවේ විශේෂ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ මිලදීගැනීම් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරගෙන යනවා. බෙහෙත්වලින් කොමිස් ගැනීම් , බාල බෙහෙත් ගෙන්වීම් , වැනි දේවල් ඒ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. මේ පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වරද කරුවන්ට නීතයෙන් දඩුවම් දිය යුතුයි. සෞඛ්‍ය ඇමැතිවරයා මාරු කළා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවන දූෂණ ඉවර වෙන්නෙ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තිය සමිති සමිති විවිධ සිවිල් සංවිධාන විවිධ චෝදනා එල්ල කරනවා. ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමක් සිදුකරන්න අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන දූෂිත තත්ත්වය නතර කරන්න ආණ්ඩුව වහාම වැඩපිළිවෙලකට අවතීරණ විය යුතුයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු ආණ්ඩුවක් ලෙස තිබෙන සාමුහික වගකීම් වලින් බැහැර වෙලා තනි තතිවම තමගේ මත ප්‍රකාශ කරන්න පටන් ගෙන තිබෙනවා. සිදුවන දේවල් පිළිබඳ වගකීමක් ඔවුන් භාර ගැනීමට සූදානම් නැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු ආණ්ඩුවේ කොටස් කරුවන්නම් රටේ සිදුවන මහජන විරෝධී ක්‍රියාදාමය පිළිබඳ පූර්ණ වගකීම ඔවුන්ට තිබෙනවා. ඔවුන් එයින් නිදහස් වෙන්න බෑ. රට බංකොලොත් කිරීමේ වගකීම ඔවුන් සියලු දෙනාට පැවරෙනවා. මේ සියලු දෙවල් වලට අවස්ථාව පැමිණි විට ජනතාව පිළිතුරු ලබා දෙයි.

ඇමෙරකාවේදී ඉන්දියානු ඇමෙරිකානු විරෝධතාවය පිළිබඳ අනුර කුමාර දිසානායකගෙන් ඇහුවාම ඔහු කියනවා ඔවුන් ඒ සියන්න දැන් අත්හැරලා කියලා. දශක 6 ක කාලයක් අනුර කුමාර දිසානායක නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය ඇතිකරපු ඉන්දියානු ඇමෙරිකානු විරෝධතාවය නිසා රටට අයිතිවුණ අහිතකර තත්ත්වය පිළිබඳව දැන් වගකියන්න කෙනෙක් නෑ. ඔවුන් දැන් ඇමරිකානු කොඩිය යයට වෙලා ඇමරිකාව නිවැරදියි කියලා කියන මට්ටම අනුර කුමාර දිසානායක පත්වෙලා තිබෙන්නේ. ඇමෙරකාවේදී ජනතාව අනුර කුමාරගෙන් අහනවා ශ්‍රී ලංකාවේ ණය කොහොමද ගෙවන්නේ , ආදායම් වැඩි කර ගන්නේ කොහොමද කියලා , විදේශ ආයෝජන ගේන්න කොහොමද කියලා. අනුර කුමාර දිසානායක මහතාගේ උත්තර වචන විතරයි. ඔහු කියනවා මිනිරන් වලින් විදේශ විනිමය හොයා ගන්නවා කියලා.ඒක විරතයි ඔහුට කියන්න තියෙන්නේ. විදේශ ආයෝජනවලට විරුද්ධ වුණ ජනතා විමුක්ති පෙරමුණ දැන් කියනවා රාජ්‍ය ආදායම වැඩි කරන්න විදේශ සහයෝජගය ලබාගන්නවා කියලා. වචන වෙනස් කළා කියලා මිනිස්සුන් වෙනස් වෙන්නේ නෑ. ජාතික ජන බලවේගයේ නායකයෝ අද ඇමෙරිකාවට ගිහින් එක කතාවකුත් ලංකාවට ඇවිත් තවත් කතාවකුත් කියන්න සිද්ධ වෙලා තිබෙනවා. ඇමෙරිකාවේ කියපු දේවල් ලංකාවටත් ඇවිත් පුලුවන් නම් කියන්න. එතකොට මිනිස්සු පිළිගනී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මොනවාද කියලා. මේ කාරණා සඳහන් කළේ ජාතික ජන බලවේගය විවේඡනය කිරීම සඳහා නෙවෙයි ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත පිළිබඳ රටේ ජනතාව දැනුම්වත් කිරීමට පමණයි ” යැයි මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

දේශපාලන පක්ෂයක් හැටියට අපේ පක්ෂය ඉතිහාසගතවෙලා ඉවරයි – මහලේකම් සාගර

Next Post

ඉදිරි අයවැය සම්බන්ධයෙන් වූ කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

ඉදිරි අයවැය සම්බන්ධයෙන් වූ කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved