• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ උද්ධමනය බල නොපාන කාරණා සඳහා පමණයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

1 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හේතුවෙන් සංචිත ඉහළ යාම 2021ට සාපේක්ෂව මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ 78.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේ දී 2022 වසර සඳහා වන ණය සීමා ඉහළ නංවා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නෝට්ටු මුද්‍රණය කරන්නේ උද්ධමනයේ බලපෑම නොමැති කාරණා සඳහා පමණක් බවයි.

2022 සංශෝධිත අයවැය මගින් බිලියන 3844 ලෙස දක්වා ඇති ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663කින් ඉහළ නංවමින් බිලියන 4507 දක්වා වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම අදාළ යෝජනාවේ අරමුණයි. මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් අනුදත් සීමාව බිලියන 4000 සිට 5000 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා ද මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.

අමාත්‍යවරයා සඳහන් කළේ මූල්‍යමය ශක්තිය කළමනාකරණය කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කළ බවයි. ආදායම සහ වියදම අතර පරතරය ඉහළ යාම පිළිබඳ සංඛ්‍යා ලේඛන අමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
2018 වසරේ දී බිලියන 761ක් වූ ආදායම් වියදම් පරතරය 2019 වසරේ දී බිලියන 1439 දක්වා ඉහළ ගියේ ය. 2020 වසරේ දී රුපියල් බිලියන 1668ක් ලෙස දැක් වූ ආදායම් වියදම් අතර පරතරය 2021 වසරේ දී දැක් වුණේ රුපියල් බිලියන 2058ක් ලෙසිනි. 2022 වසරේ දී ඇස්තමේන්තු ගත පරතරය රුපියල් බිලියන 2333ක් ලෙස ගණන් බලා තිබේ.

ගෙවීමට තිබූ බිල්පත්වල වටිනාකමෙන් 42%ක් මේ වන විට ගෙවා අවසන් කර ඇත. රුපියල් බිලියන 359ක් ලෙස සටහන් වූ සමස්ත බිල්වල වටිනාකම මේ වන විට බිලියන 205 දක්වා අඩු කර ගැනීමට රජය සමත්ව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. රට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ණය සීමාව ඉහළ නංවා ගැනීමෙන් තොරව මෙම ගැටලුව විසඳම් ලබා ගත හැකි ක්‍රමයක් කිසියම් පාර්ශ්වයක් ඉදිරිපත් කරන්නේ නම් ඊට අවස්ථාව ඇති බවයි වැඩි දුරටත් අමාත්‍යවරයා කියා සිටියේ.

 

 

Post Views: 3
Previous Post

පසුගිය මාසයේ මත්කුඩුවලට සම්න්ධ පුද්ගලයින් 25ක් මාතලේ දි අත්අඩංගුවට

Next Post

ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 27, සහ 28 වැනිදා කොළඹදී

editor

editor

Next Post

ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 27, සහ 28 වැනිදා කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

11 June 2025
මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

11 June 2025
ඇඳිරිනීතියට අණ

ඇඳිරිනීතියට අණ

11 June 2025
අද කාලගුණ නිවේදනය

තද වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

11 June 2025

Recent News

විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

11 June 2025
මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

11 June 2025
ඇඳිරිනීතියට අණ

ඇඳිරිනීතියට අණ

11 June 2025
අද කාලගුණ නිවේදනය

තද වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

11 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

11 June 2025
ඇඳිරිනීතියට අණ

ඇඳිරිනීතියට අණ

11 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved