27 April 2024
#දේශීය

පසුගිය මාසයේ මත්කුඩුවලට සම්න්ධ පුද්ගලයින් 25ක් මාතලේ දි අත්අඩංගුවට

මත්කුඩු වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු පසුගිය නොවැම්බර් මාසය තුළ මාතලේ පොලිස් වසම තුළදි අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

මාතලේ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල මත්කුඩු විකුණන සහ ජාවාරමේ යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා අඛන්ඩව වැටලිම් සිදු කරන බවද පොලිසිය කියයි.

මාතලේ ප්‍රදේශයට මත්කුඩු බෙදාහරින ස්ථානයක් වන කළුදැවල නරිකන්ද ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන කාන්තාවක ඇතුලු පුදග්ලයින් හයදෙනෙකුද අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

මිට අමතරව මාතලේ නගරයේ සහ කිරිමැටියාව ප්‍රදේශයේදි පුද්ගලයින් ඇතුලු මත්කුඩුවලට සම්බන්ධ පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට ගත් බවත් ජාවාරමේ යෙදෙනෙ ඇතැම් පුද්ගලයින්ට විවිධ තරාතිරමේ තනතුරු දරන පුද්ගලයින් රැකවරණය ලබා දෙන බවද පොලිසිය කියයි.

මෙම සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇතැම් අයට එරෙහිව මහාධීකරණයේ නඩු පවරණ බවද පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මා‍තලේ කොට්ඨාශ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප ඊ .එම් බි ඒකනායක මහතා ඇතුලු නිලධාරින් විසින් මෙම වැටලිම් සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *