බලංගොඩ නගර සභාවේ සභාපති ධුරය සඳහා අද (12) පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය (මාලිමාව) යළිත් සිය බලය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ අනුව, බලංගොඩ නගර සභාවේ නව සභාපතිවරයා ලෙස පේෂල නිකලන්ද මහතා තේරී පත් විය.