‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පූර්ණ සහ අර්ධ වශයෙන් හානියට පත් නිවාස 11ක් සඳහා පළමු අදියරේ වන්දි මුදල් පිරිනැමීම අද (18) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිර්දේශ මත මෙම පිරිස වෙත රුපියල් ලක්ෂ 70ක ප්‍රතිපාදන මෙහිදී ලබා දුන් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළාය.
පූර්ණ වශයෙන් හානියට පත් නිවාස සඳහා සුදුසු ඉඩමක අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසුව සහ අර්ධ හානි වූ නිවාසවල අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ඉතිරි වන්දි මුදල් පියවරෙන් පියවර ගෙවීමට නියමිතය. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.
















