• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටපුරා ජිවනෝපාය ව්‍යාපෘති ලක්ෂයක් උත්සවාකාරයෙන් ආරම්භ කරනවා – මන්ත්‍රි එස්.බී.දිසානායක

2 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙබරවාරි 03 දා රටපුරා ජිවනෝපාය ව්‍යාපෘති ලක්ෂයක් උත්සවාකාරයෙන් ආරම්භ කරන අතර ඉතිහාසයේ පළමු වතාවට මහ දැවැන්ත මුදල් සම්භාරයක් ගමට ලබා දෙන වැඩපිළිවෙළක් ද සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා අදහස් දක්වමින්, “ මේ කොවිඩ් අර්බුදය ඇතිවෙලා පළවෙනි වටයේ මුළු ලෝකයේම පළවෙනි තැන හිටියේ අපියි චිනයයි. අපි ඒක 100% ම පාලනය කරගත්තා. දෙවෙනි වටය එනකොට විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමින්, ඇතැම් වෘත්තිය සමිතින් විශාල වශයෙන් පිරිස් මහ පාරට කැඳවලා අලුත් කොවිඩ් රැලි ගණනවාක් ලංකාවේ ආරම්භ කළ නිසා අපිට එය පාලනය කරගන්න බැරි වුණා. හැබැයි ඒ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ මේ කොවිඩ් පාලනයට පිළිතුර තමයි මේ එන්නත්කරණයයි කියලා. ඒ නිසා ඉතාම අමාරුකම් මැද්දේ, ඉතාම ආර්ථික දුෂ්කරතා මැද්දේ ඉතාම බරපතල විදේශ විනිමය ප්‍රශ්න මැද්දේ ශ්‍රි ලංකා රජයත්, ජනාධිපතිතුමාත් එන්නත ප්‍රමුඛත්වය තියලා මේ එන්නත ජනතාවට ලබා දුන්නා. අපි ලෝකයේ පළවෙනි 06 අතරට මේ කොවිඩ් එන්නත නිසා ලංකාව ජයග්‍රාහි ලෙස ඉන්නවා. ලොකයේ දුප්පත් රටවල් 52 ක් තවමත් 6% ට එන්නත ලබා ගන්න බැරිව සිටිනවා. නමුත් බලවත් රටවල් බොහෝ දෙනෙක් මේ එන්නත්කරණය අතින් අපිට වඩා පහළින් ඉන්නේ. අද එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය නිසා අද සංචාරකයන්ගේ පැමිණීම වේගයෙන් වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා අපි පැත්තෙන් විශාල ජයග්‍රහණයක් ලබලා තිබෙනවා.

මේ 03 දා අපි රටපුරා ජිවනෝපාය ව්‍යාපෘති ලක්ෂයක් උත්සවාකාරයෙන් අපි විවෘත කරන්නයි සූදානම් වෙන්නේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයෙන් අපිට මේ වන විට ප්‍රදේශවලට ලැබිලා තිබෙනවා. මේ ජිවනෝපාය වැඩසටහන යටතේ ජාතික කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ කරනවා වගේම ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට ගම්වලට ලබාදී තිබෙනවා. දෙවැනි කාර්යය තමයි ඉතා කුඩා ක්ෂූද්‍ර ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ වැඩසටහනක් මේ ජිවනෝපාය වැඩසටහන යටතේ අපි ඉතාම වේගයෙන්, ඉතාම ශක්තිමත්ව කරගෙන යනවා. හැබැයි අපි ඉතාම ආර්ථික අමාරුකම් මැද්දේ තමයි මේ සියලු කටයුතු කරගෙන යන්නේ.

අද විපක්ෂය කට ඇරගෙන බලාගෙන ඉන්නවා ආණ්ඩුව බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරනකන්. 1971 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය දශම 2 ට ගියා. 72, 78 මහා ආර්ථික අවපාතයක් ඇති වුණා. ඉතාම අමාරු කාලයක් පැමිණියා. හැබැයි 1975, 76 කාලයේ අපි ගොඩ ආවා. 2009 යුද්ධය දිනලා රට එක්සේසත් කරනකොට අපි ආර්ථික වශයෙන් අපි බිංදුවට වැටිලා තිබුණේ. ආර්ථික සංවර්ධන වේගය 3.4 යි. හැබැයි 2009 සහ 2015 තමයි මේ ලංකා ඉතිහාසයේ ආර්ථික වර්ධනය ස්වර්ණතම කාල පරිච්ඡේදය වන්නේ. දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රට බවට පත් වුණා. ශ්‍රි ලංකාවේ ඒ ආර්ථික ජවය ගත්ත, එසේ කරපු මිනිස්සු තමයි අදත් මේ ආණ්ඩුව කරන්නේ. අපි මේ ප්‍රශ්නවලින් ගොඩ එනවා. කවුරුත් මේ රට වැටෙනවා කිව්වට අපි මෙවායින් ගොඩ එනවා. දැන් සංචාරක ව්‍යාපාරය වේගයෙන් නැගිටිනවා. ඒ වගේම අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා වරයා නගරය හරහා අපේ ආර්ථිකය ජව සම්පන්න පිම්මක් ගන්න බලාපොරොත්තු වෙනවා. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 0
Previous Post

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 09 දෙනෙක් අක්තපත්‍ර භාර දෙති

Next Post

පික් – පැක් සේවාව රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

editor

editor

Next Post

පික් - පැක් සේවාව රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
හල්ලොලුවට ඇප

හල්ලොලුවට ඇප

20 June 2025
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
හල්ලොලුවට ඇප

හල්ලොලුවට ඇප

20 June 2025
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved