27 April 2024
#සංවර්ධන

පික් – පැක් සේවාව රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

පික් – පැක් ( PICK-PACK) පාරිභෝගික භාණ්ඩ නිවෙස් වෙතම බෙදා හැරීමේ ආයතනය තම පාරිභෝගික ජනතාවට වඩාත් උසස් සේවාවක් සැපයීමේ අරමුණින් අනුරාධපුර, ඉපලෝගම, අක්කර පන්සීය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කළ ගබඩා සංකීරණය සහ මෙහෙයුම් කාර්යාලයේ සේවා කටයුතු සමාරම්භ කිරීමේ උත්සවයට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

අමාත්‍යයතුමන් ගබඩා සංකීරණය හා මෙහෙයුම් කාර්යාලය නිරීක්ෂණය කළ අතර, රජරට තරුණයින් පිරිසක් එක්ව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාලයට ගැලපෙන අයුරින්, නව රැකියා අවස්ථාවන්ද උත්පාදනය කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපාරයට අමාත්‍යයතුමන් සුභ පැතුම් එක් කළහ.

මෙම පික් – පැක් ( PICK-PACK) ආයතනය මගින් වෙළඳපලේ ඇති සියලු අලෙවි සන්නාමයන්ගේ පාරිභෝගික භාණ්ඩ, වියළි ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ඇතුළු නිවෙසට අවශ්‍යය සියලු දේ දුරකථන මාර්ගයෙන් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.අදාළ භාණ්ඩ ආරක්ෂිත ඇසුරුමක් තුළ බහා නිවසටම ගෙනවිත් භාණ්ඩ පරික්ෂා කර බලා මුදල් ගෙවීමේ හැකියාව පාරිභෝගික ජනතාවට ඇත.

තවද මසකට අවශ්‍යය භාණ්ඩ ගෙන්වා ගෙන එය පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ මසක් තුළ ගෙවා දැමීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට මෙම ආයතනය මගින් සලසා දී ඇත.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *