27 April 2024
#දේශීය

විදුලි සැර වැදී අයෙකු මරුට

මීගමුව, කොළඹ පාර කුරණ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයන ඊයේ (28) පෙරවරුවේ දී වෙල්ඩින් කාර්මිකයෙකු ලෙස රැකියාව කල පුද්ගලයෙකු එම ආයතනයේ සේවය කරමින් සිටියදී විදුලි සැර වැදී මිය ගොස් ඇත.

පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් වු උතුරු බටගම, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මහේස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර සිරුර ඥාතීන්ට භාර දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *