27 April 2024
#දේශීය

නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී අයෙකු මරුට

මීටියාගොඩ ඉන්ධන පිරවුම් අසල ඊයේ (25) පස්වරු 7 ට පමණ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ නානදුන පිරිසක් විසින් අදාල පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදීමක් සිදු කර ඇති බවත් තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන එරණවිල, මිටියාගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර තිබේ.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (26) දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *