27 April 2024
#දේශීය

මල් වෙඩිල්ලක් පත්තු වී අයෙකු මරුට

තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ ඊයේ (26) දින මධ්‍යම රාත්‍රීයේදී මල් වෙඩිල්ලක් පත්තු විමෙන් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වු තඹුත්තේගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා සිය නිවස ආසන්නයේ පැවැති මංගල උත්සවයකට සහභාගී වීමෙන් සිටියදී එම උත්සවයේ මල් වෙඩි පත්තු කරමින් සිටියදී මල් වෙඩිල්ලක් පත්තු නොවීම හේතුවෙන් නැවත වරක් එම අසලට ගොස් නුලට ගිනි තැබිමේදී මල්වෙඩිල්ල පත්තු වී මිය ගිය පුද්ගලයාගේ හිසේ වැදී ඇති බව පොලිසිය කල මුළික විමර්ශනයේදි අනාවරණ වී ඇත.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *