• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා CPOPC වෙතින් ජාලගත සම්මන්ත්‍රණයක් !

28 December 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව පුරා කුඩා වතු හිමියන් ට සිය අත්දැකීම් හා දැනුම එකිනෙකා සමග හුවමාරු කරගැනීමට අවස්ථාව ලබා දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කරන ‘ඔයිල් පාම් නිෂ්පාදක රටවල් සම්බන්ධ කවුන්සිලය (CPOPC)’ ආසියා පැසිෆික් කලාපය, මධ්‍යම ලතින් ඇමරිකාව සහ අප්‍රිකානු මහාද්වීපයේ කුඩා වතු හිමියන් අනුගමනය කරන තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් අනෙකුත් රටවල ද ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ වෙබිනාර් වැඩසටහනක් පසුගිය දා පැවැත්විණි.

එහි දී පැපුවා නිව්ගිනියාවේ කුඩා ඔයිල් පාම් වතු හිමියන්ගේ නියෝජිත කෙප්සන් පුස්පිටා, ඉන්දුනීසියාවේ කුඩා ඔයිල් පාම් හිමියන්ගේ නියෝජිත ජෝනෝ අල්බාර් බුර්හාන් සහ CPOPC සංවිධානයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ඩුපිටෝ ඩී. සිමමොරේ යන මහත්වරු මෙම අවස්ථාව ඇමතූ හ.

ගෝලීය ඔයිල් පාම් වගාව පිළිබඳ අදහස් හා තොරතුරු ලබාගැනීම සඳහා ඔයිල් පාම් වගාකිරීමේ ක්‍රියාවලියේ සියලු ම ක්ෂේත්‍රවල වැවිලිකරුවන්, ව්‍යාපාරිකයින් සහ ඊට අදාල අනෙකුත් ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් විසින් සම්මන්ත්‍රණය මෙහෙයවීය. කථිකයෝ සාර්ථකත්වයට පත් වී ඇති කුඩා වතු හිමියන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳව මෙන් ම වගා කටයුතුවල දී ගොවියන්ට ඇතිවන ප්‍රායෝගික ගැටලු සහ අත්දැකීම් සම්බන්ධව ද සම්මන්ත්‍රණයට සහභාගි වූ පිරිස සමග තොරතුරු බෙදා ගත්හ. මෙම ද සම්මන්ත්‍රණ වැඩසටහන මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගණනාවක් පිළිබඳව කතිකා කෙරුණු අතර, තිරසාර, පරිසර හිතකාමී ඔයිල් පාම් වගාවක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත හැකි ආකාරය පිළිබඳව ද කතිකා කෙරිණි.

ඉන්දුනීසියාවේ ඔයිල් පාම් නිෂ්පාදනය පිළිබඳ සිය ප්‍රවීණත්වය හා අත්දැකීම් බෙදා ගනිමින්, ඉන්දුනීසියාවේ ඔයිල් පාම් කුඩා වතු හිමියන්ගේ සංගමයේ ජාත්‍යන්තර සබඳතා සහ මහජන සංවර්ධන අංශයේ සාමාජිකයෙකු වන ජ්‍යෝනෝ ඇල්බර් බුර්හාන් මහතා යහපත් කෘෂිකාර්මික භාවිතයන් තුළින් කුඩා වතු හිමියන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කළේ ය.
ඉන්දුනීසියාවේ ඔයිල් පාම් නිෂ්පාදනයේ ආර්ථිකමය සහ සුබසාධනමය බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් බුර්හාන් මහතා ප්‍රකාශ කළේ, ඉන්දුනීසියාවේ ඹයිල් ෆාම් වගාව හෙක්ටයාර මිලියන 16.38ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇති බවත්, එරට කුඩා වතු හිමිකරුවන් ඔයිල් පාම් වගාකර ඇති ඉඩම්වලින් විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන බවත් ය. එමෙන් ම ඔහු පැවසූ පරිදි ඔයිල් පාම් යනු ඉන්දුනීසියාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය බවට පත් වී ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වන අතර, එය ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක් පමණ වේ. ඉන්දුනීසියාවේ ග්‍රාමීය ආර්ථිකය සැලකිය යුතු ලෙස ඔයිල් පාම් වගාව මගින් බලගැන්වෙන බව ද බුර්හාන් මහතා සඳහන් කළේ ය. 2019 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඉන්දුනීසියාවේ කටුපොල් කිලෝවක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 0.11 ක් වූ අතර, 2021 වසරේ ඔක්තෝබර් මාසය වන විට එය ඇමරිකානු ඩොලර් 0.20 දක්වා මිල වැඩි වූ බවත්, එමගින් කුඩා වතු හිමියන්ට වැඩි වාසි හිමිවූ බවත් පැවසුවේ ය. එමෙන්ම ඒ මහතා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වල ඇති වැදගත්කම ද එහි දී මතු කළේය.

ඉන්දුනීසියාවේ රජය විසින් කළමනාකරණය කරනු ලබන කුඩා වතු හිමියන්ගේ වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ බුර්හාන් මහතා, ඉන්දුනීසියා රජය එරට කුඩා වතු හිමියන්ට පැරණි කටු පොල් ගස් ඉවත් කර නැවත වගා කිරීමේ වැඩසටහනක් සඳහා හෙක්ටයාරයකට රුපියල් මිලියන 30 ක මුදලක් ලබා දුන් බව පැවසුවේ ය. එම නැවත වගා කිරීමේ වැඩසටහනේ ප්‍රතිලාභය ලෙස ජෛව ඉන්ධන නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එය යොදා ගත් බව ඔහු සඳහන් කළේය. බුර්හාන් මහතාට අනුව, ගෘහස්ථ මට්ටමෙන් ඔයිල් පාම් පරිභෝජනය වැඩි කිරීම සඳහා දිරි දීමක් ලෙස ඉන්දුනීසියානු රජය මගින් ජෛව ඩීසල් භාවිතය 2018 වසරේ දී ‘B30’ අදියර දක්වා වර්ධනය කෙරිණි. මේ වන විට ‘B30’ හි දී CPOPC මිලියන 10 ක් අවශෝෂණය කරන අතර, ‘B40’ අදියර වෙත ළඟා වීම සඳහා කුඩා වතු හිමියන්ගේ ඵලදායිතාව වැඩි කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව හඳුනාගෙන තිබේ. බුර්හාන් මහතා දැක්වූ පරිදි ඉන්දුනීසියාවේ කුඩා වතු හිමියන් විසින් අනුගමනය කරනු ලබන තවත් සාර්ථක කෘෂිකාර්මික ක්‍රමවේදයක් වන්නේ ව්‍යප්තියට සාපේක්ෂව තීව්‍ර තාව වැඩි දියුණු කිරීම යි. එහි දී වගාව සඳහා වැඩි ඉඩක් වෙන් නොකර, නිෂ්පාදනය සහ ඵලදායිතාව ප්‍රශස්ත කිරීම මගින් ඔයිල් පාම් අස්වැන්න වැඩි කරගැනීමේ හැකියාව ඇත.

තම අත්දැකීම් බෙදා ගනිමින්, මැලේසියාවේ කුඩා වතු හිමියන්ගේ ජාතික සංගමයේ නියෝජ්‍ය සභාපති අස්මි හසන් මහතා රටේ ආර්ථික වර්ධනයට දායක වන ඔයිල් පාම් වගාවේ ඉල්ලුම හා සැපයුම ආශ්‍රිත ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වුවේ ය.

මැලේසියාවේ ඔයිල් පාම් කර්මාන්තයේ සංවර්ධනය සඳහා එරට රජයේ දැඩි සහයෝගය ලැබෙන බවත්, රටේ දරිද්‍රතාව අවම කර ගනිමින් කුඩා වතු හිමියන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති මාලාවක් එහි දී ක්‍රියාත්මක වන බවත් හසන් මහතා ප්‍රකාශ කළේය. කුඩා වතු හිමියන්ට ඔයිල් පාම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සහයෝගය ලබා දෙමින් මැලේසියානු රජය විසින් අරමුදල් සැපයීම සිදුකරන අතර, වගා කටයුතු සඳහා කුඩා ඉඩමක් ද ලබා දෙන බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

ඔයිල් පාම් අස්වැන්න වැඩි කිරීම සඳහා ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය අවශ්‍ය වන අතර, එමඟින් ප්‍රමිතියෙන් යුතු අස්වැන්නක් ලබා ගත හැකි බවත්, එහි දී උපරිම තෙල් ප්‍රමාණයක් ලබා ගැනීම තුළින් තිරසාර බලශක්ති නිෂ්පාදනය වැඩි කළ හැකි බවත් හසන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. හසන් මහතාට අනුව සියලු ම කුඩා වතු හිමියන් බලපත්‍රලාභී තවාන් හිමිකරුගෙන් මිලදී ගත යුතු ආකාරයේ සුවිශේෂී නෛතික ආකෘතියක් යටතේ මෙම කර්මාන්තය මැලේසියාව තුළ ක්‍රියාත්මක වේ. මැලේසියාව තුළ MPOB ක්‍රමවේදය යටතේ බලපත්‍රලාභීන් 840 ක් පමණ සිටින බවත්, තවාන් ආශ්‍රිත බලපත්‍ර නියාමනය යටතේ ඉඩම්වල නීත්‍යානුකූලභාවය අත්‍යවශ්‍ය කරුණක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ සිය විශේෂඥ දැනුම බෙදාගත් හසන් මහතා තිරසාර කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ගුණාත්මක පොහොර භාවිතය ඉතා වැදගත් බව අවධාරණය කළේය. මෙහි දී පාංශු සංරක්ෂණය සඳහා දැඩි ලෙස අවධානය යොමු කළ යුතු අතර, එමඟින් පාංශු ඛාදනය සහ කාණුවල රොන් මඩ තැන්පත් වීම අවම වන බවත්, මෙහි උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට සහ ස්වාභාවික පෝෂක ස්ථානවලට වන හානිය අවම කරගැනීම සඳහා නිර්දේශිත ක්‍රියා පටිපාටියට අනුකූලව කෘෂිකාර්මික පිළිවෙත් භාවිතා කිරීම ඉතා වැදගත් බවත් හසන් මහතා ප්‍රකාශ කළේ ය. තවද, මැලේසියාවේ මෙම ව්‍යාපාරය ජාතික පරිසර පනතේ ප්‍රතිපත්තීන් ආරක්ෂා කරමින් නිසි සැලසුම්කරණයකට අනුව අවම මිනිස් ශ්‍රමයක් භාවිත කරමින් සිදු කෙරේ.

CPOPC විසින් සංවිධානය කරනු ලබන මීළඟ සම්මන්ත්‍රණ වැඩසටහන “කුඩා වතු හිමියෝ සෞභාග්‍යයේ සහ තිරසාරත්වයේ නියමුවෝ වෙති” යන මාතෘකාව ඔස්සේ තවත් සම්මන්ත්‍රණ ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. කවුන්සිලය (CPOPC) කුඩා වතු හිමියන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ කර්මාන්තය සුරක්ෂිත කිරීම ඇතුළුව ඔයිල් පාම් වගාවේ ඇති වැදගත්කම සහ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කරමින් එම කර්මාන්තය සවිබලගැන්වීම අරමුණු කරයි. ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි ඔයිල් පාම් නිෂ්පාදනය කරන රටවල රජයන් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් එම රටවල කුඩා වතු හිමියන් සඳහා ලැබෙන සහයෝගය හා දිරිගැන්වීම පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව තුළ ද තිරසාර ඔයිල් පාම් කර්මාන්තයක් ගොඩනැංවීම මෙම ද සම්මන්ත්‍රණය හා සම්බන්ධ වීමේ ප්‍රධාන අරමුණ ලෙස දැක්විය හැකි ය. එමෙන් ම ඔයිල් පාම් කර්මාන්තයේ මූලික කොටස්කරුවන් වන කුඩා වතු හිමියන්ගේ අදහස් හුවමාරු කර ගැනීම සඳහා අවස්ථාව ලබා දීමත්, එමගින් වෙනත් රටවලට එවැනි පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ඉඩ සැලසීමත් මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණකි.

 

පිටපත – PR

Post Views: 3
Previous Post

ආණ්ඩුවට දුකක් නෑ -ජනතාවට ඇපත් නෑ -විපක්ෂ නායක

Next Post

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ඉහළ පුටුවලට ඉල්ලා අස්වන්නැයි දන්වයි !

editor

editor

Next Post

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ඉහළ පුටුවලට ඉල්ලා අස්වන්නැයි දන්වයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved