• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Online කියන්නේ ලෝකයම ජයගන්න පුළුවන් වේදිකාවක් – GFLOCK සභාපති රනිල්

15 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Online කියන්නේ ලෝකයම ජයගන්න පුළුවන් වේදිකාවක් බවත් එයට ගොඩවෙන්න කියලා තරුණ ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව GFLOCK සමාගමේ සභාපති රනිල් විල්අද්දරගේ මහතා පවසයි.

තරුණ නිර්මාණශීලීන් සමග එක්වෙමින් වර්තමානයේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන්ට විසදුම් සෙවීම සදහා Online තාක්ෂණය ඔස්සේ නිමි ඇදුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති සන්නාමයක් ලෙස GFLOCK හදුන්වා දිය හැකියි.

ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය තුළ වඩාත් ප්‍රචලිත ශ්‍රී ලාංකීය වෙළෙද සන්නාමයක් බවට GFLOCK පත් කිරීමට ඔහු සමත් වෙනවා. ව්‍යාපාරයකට එහා ගිය මනුෂ්‍යත්වය පෙර දැඩි කරගෙන තම ව්‍යාපාරයේ ලාභයෙන් තුනෙන් එකක් සමාජ සුබසාධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන තිබෙනවා.

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ තම සේවක ප්‍රජාව සුරක්ෂිත කර ගැනීම සදහා කෘෂිකර්මාන්තය වෙත යොමු වෙමින් ඔවුනට අවශ්‍ය සහල් නිෂ්පාදනය සිදු කරනු ලබන අතර එම සංකල්පය හරහා අනාගතයේ රට ස්වයංපෝෂිත වනු දැකීම ඔහුගේ අපේක්ෂාවයි. නව සංකල්පයන් තුළින් රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් රට අභිවෘද්ධිය කරා ගෙන යා හැකි බව හුදක්ම විශ්වාසය තබන GFLOCK සමාගමේ සභාපති රනිල් විල්අද්දරගේ මහතා සමග කළ පිරිසදරකි.

 

සමාගම් ප්‍රධානියකු ලෙස ඔබ විසින් රට හමුවේ අලුත් සංකල්පයක් හදුන්වා දී තිබෙනවා. පළමුව ඒ පිළිබද සරල හැදින්වීමක් කළොත් ?

මගේ ව්‍යාපාරය ගත්තොත් එය සම්ප්‍රදායික ව්‍යාපාරයකට පමණක් සීමා වෙන්නේ නැහැ. මොකද ඒ හරහා උපයන ලාභයෙන් කොටසක් සමාජ සුබසාධනය වෙනුවෙන් යොදවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. සමාන්‍යයෙන් අපේ රටේ සමාජ සුබ සාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සදහා බාහිරින් ප්‍රදානයක් ලබාගෙන තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. එහෙම ලබා ගන්න දේවල් මූල්‍යමය එහෙම නැතිනම් ද්‍රව්‍යමය ප්‍රදානයක් වෙන්න පුලුවන්. එහෙම ලැබෙන දෙය තමයි තවමත් අපේ රටේ සමාජ සුබසාධනය පිණිස යොදා ගන්නේ. නමුත් අපි මෙතනදි වෙනත් ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ තමයි විලාසිතා සන්නාමයක් යටතේ Online හරහා නිමි ඇදුම් අලෙවි කරන සමාගමක් ලෙස අප විසින්ම මුදල් උපයමින් එම මුදල් වලින් කොටසක් සමාජ සුබසාධනය පිණිස යෙදවීම. ඇත්තටම රට වැටිලා තිබෙන තැනින් ගොඩගන්න පුලුවන් සිසිට්ම ඒකක් හදුන්වා දීම තමයි මෙතනදි සිදු වෙන්නේ.

 

දැනට එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද යම් පැහැදිලි කිරීමක් කළොත් ?

ලාභය පමණක් ඉලක්ක කර නොගත් ව්‍යවසායකයෙක් ලෙස මා විසින් ගොඩ නගන ලද GFLOCK සන්නාමය හරහා දැනටමත් මේ සුභසාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉකුත් කොවිඩ් වසංගතය එක්ක තමයි මේ සංකල්පය මා තුළ ඇතිවෙන්නේ. එතනදි මම දැක්කා කොවිඩ් වසංගතය නිසා මේ රටේ ජනතාව ගොඩක් දුක් විදිනවා. විශේෂයෙන්ම ඇතැම් පිරිස් වලට තමන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ කර ගන්න නොහැකි තත්ත්වයකට පත් වෙනවා. එතනදි මම තීරණය කරන්නේ මගේ සමාගම වන GFLOCK හා සම්බන්ධ වෙමින් රැකියාවේ නිරත මාගේ සේවක සේවිකාවන්ගේ සුභසාධනය පිණිස මට කළ හැකි යමක් වේද එය කළ යුතුයි කියලා. එතනදි රුපියල් පන්දාහක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සලයක් බැගින් මාසිකව ඒ අයට ප්‍රදානය කරන වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනවා. මේ පාර්සලයට සහල් ඇතුලු අනෙකුත් ආහාර වර්ග යම් ප්‍රමාණයක් ඇතුලත් මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින වෙලාවක තමයි අපේ රට ඩොලර් අර්බුදයක හිරවෙන්නේ. එතනදි අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවෙන්න ගත්තා. එයට විසදුමක් ලෙස මම තීරණයක් ගත්තා අපේ කාර්ය මණ්ඩල සාමාජික සමාජීකාවන්ගේ සුභසාධනය තවදුරටත් පවත්වාගෙන යාම පිණිස ඔවුන්ට අවශ්‍ය සහල් ටික නිෂ්පාදනය කිරීම පිණිස වී වගා කළ යුතුයි කියලා. ඒ අනුව පසුගිය යල කන්නය පිණිස අපි වගා කටයුතු ආරම්භ කළා. ඒ හරහා සාර්ථක වී අස්වැන්නක් ලබා ගන්නත් අපට හැකියාව ලැබුනා. ඒ අස්වැන්න තමා හාල් බවට පත් කරලා පවුල් 400 ක පමණ වක්‍ර සේවක පිරිසට බෙදා දුන්නේ. එපමණක් නොවෙයි මේ කටයුත්ත හා සම්බන්ධ වූ ගොවි මහත්වරුන්ට වැටුපට අමතරව සහල් ප්‍රදානයක් කරන්න තරම් ඒ අස්වැන්න සාර්ථක වුණා.

 

ආයතනයක් ලෙස ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ආරම්භ කළ එම වැඩපිළිවෙල රටපුරා ක්‍රියාත්මක කළ හැකියි කියන මතය ඔබතුළ පවතිනවද ?

සමාගමක් ලෙස අපේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ යැපෙන්නන් සදහා අපි විසින්ම වගා කරන කුඹුරු අස්වැන්න බෙදා දෙමින් ඒ අයව ස්වයංපෝෂිත කරන්න දැනටමත් අපිට පුළුවන්නම් මේ ක්‍රමය රටපුරා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියනතැන මම ඉන්නවා. ඉදිරියේදී සහල් පමණක් නොවෙයි අපේ පොළව මත හොද අස්වැන්නක් ගන්න පුළුවන් මිරිස් ටික, එළවළු ටික වවන්නත් ඉදිරියෙදී අපි කටයුතු කරනවා. මම උත්සහ කරන්නේ අලුත් මාදලියක් හදුන්වාදීම තුළින් ජීවිත ස්වයංපෝෂිත කරන්න. දැනට GFLOCK කියන සන්නාමය යටතේ ජාත්‍යන්තරයට නිමි ඇදුම් සපයන ගමන් මහ පොළොව අස්වද්දන්න අපට පුළුවන් වුණා නම් මේ අනිකුත් සමාගම් මේ ක්‍රමයට අනුගත වුණා නම් ඒ යටතේ අපි වගේම සාර්ථක වන්න පුළුවන්. අපේ රට ස්වයංපෝෂිත ජීවනරටාවක් දක්වා ගෙනියන්න මේ ක්‍රමය යටතේ පුළුවන්කම ලැබෙනවා. අනිත් කාරණය තමයි අපේ රටේ සාමන්‍ය ජනතාවගේ ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් අතර මැදියන් අතට යනවා. නමුත් ආයතනික වශයෙන් මේ වගා කටයුත්ත රටපුරා දියත් කරන්න පුළුවන්නම් ඒ සූරාකෑම ඇතුළු අනීතික බොහෝ දේ නතර කළ හැකියි.

 

මෙරට ඩොලර් අර්බුදයට විසදුම් පිණිස නිමි ඇදුම් කර්මාන්තය හරහා තරමක් දුරට විසදුම් දියහැකි බවට ඔබ ඉකුත් දිනෙක මාධ්‍ය හමුවේ සදහන් කර සිටිනවා. ඒ පිළිබදව වැඩිපුර යමක් සදහන් කළොත් ?

මගේ ආයතනය එහෙමත් නැත්නම් GFLOCK කියන්නේ මේ වනවිට ජාත්‍යන්තර හදුනන වෙළෙද නාමයක්. එහෙමත් නැත්නම් සන්නාමයක්. ලංකාව ගත්තොත් අපේ ප්‍රදර්ශනාගාර තුනක් පමණයි තිබෙන්නේ. නමුත් Online හරහා ලෝකයම හදුනන Fashion Brand ඒකක් ලෙස තමයි අපි ව්‍යාපාර කටයුතු කරන්නේ. ආයතන ආරම්භ කරලා මාස 03 ක් පමණ ගතවීමත් එක්ක මෙරට තුළ කේෂ්ත්‍රයේ ප්‍රථමයා බවට පත්වෙන්නත් අපට පුළුවන්කම ලැබුණා. Fashion Brand එකක් හදනවා කියන්නෙම ලොකු අභියෝගයක්. වෙළෙදපොල තරගකාරීත්වය එක්ක එය තව තවත් අභියෝගයක් බවට පත් වෙනවා. නමුත් සමාගමක් ලෙස සියලු අභියෝග ජය ගන්නට සමත් වෙනවා. අපේ සන්නාමය යටතේ සතියකට විලාසිතා හතළියක් පනහක් විතර ප්‍රමාණයක් එළියට දානවා. නිමි ඇදුම් කේෂ්‍ත්‍රයේ එවැනි හැකියාවක් සහිත සමාගම් ගත්තම ලෝකයේම තිබෙන්නේ තුන හතරක් වගේ ඉතාම අඩු සංඛ්‍යාවක්. අපේ සමාගමත් ඒ සමාගම් කීපයට ඇතුළත්. එතනදි අපට පුළුවන්නම් විදේශගතව සිටින මෙරට ජනගහනයෙන් මිලියන දෙකකට සහ ඒ ඒ රටවල විදේශිකයින්ට Online හරහා අපේම දේ අලෙවි කරගන්න ඒ හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව මෙරටට ගෙන්වන්න පුළුවන්. ඒ හරහා සමාගමක් ලෙස අපට සමාජ සත්කාර කිහිපයක්ම එකවර සිදුකිරීමේ හැකියාවක් පවතිනවා. මේ රටේ නිර්මාණශීලි තරුණ පරපුරට රැකියා අවස්ථා ලබා දෙන්න. ඒ වගේම දැනටමත් අප විසින් සිදු කරන සමාජ සුභසාධන කටයුතු තව තවත් පුළුල් කරන්න සහ ඩොලර් අර්බුදයට විසදුම් ගේන්නත් එමගින් අවස්ථාව ලැබෙනවා.

 

ඒ සදහා ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකද ?

පැහැදිලිව ඉදිරි අවුරුදු පහ තුළ ඩොලර් බිලියන 5 ක ආදායමක් GFLOCK හරහා මෙරටට ගෙන්වන්න දැනටමත් සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ වගේම දැනටමත් ජත්‍යන්තරයේ රටවල් රැසක විශාල පිරිසක් Online හරහා අප සමග ගනුදෙනු කරමින් ඉන්නවා. ඒ හරහා ලැබෙන ලාභයෙන් කොටසක් දැනටමත් රටට ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙලක් ත්‍රියාත්මක වෙනවා. Online කියන්නේ ලෝකයම ජයගන්න පුළුවන් වේදිකාවක්. එයට ගොඩවෙන්න කියලා තරුණ ව්‍යවසායකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා.

 

පිටපත – PR

Post Views: 1
Previous Post

එප්පාවල මිරිස් වගාව බලන්න මහින්දයි දුමින්දයි යයි

Next Post

සංචාරක හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්වීපාර්ශ්වික එකඟතාවක්

editor

editor

Next Post

සංචාරක හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්වීපාර්ශ්වික එකඟතාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved