උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ, අපේ මහා සංස්කෘතික උරුමයන් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම සැමගේ වගකීමක් වන බවයි. එහෙත් මෙවර අවුරුදු නැකත් පත්‍රය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවලදී රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඔහු සිය දැඩි විවේචනය එල්ල කර තිබේ. සංස්කෘතික උරුමයන් නිසි ලෙස කළමනාකරණය කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම තුළින් සාරධර්ම පිළිබඳ ඔවුන් දක්වන සැලකිල්ල ගැටලු සහගත බව ඔහු පෙන්වා දෙයි.
ගෙවී ගිය වසර තුළ මෙරට ජනතාව මුහුණ දුන් දැඩි ආර්ථික හා මානසික පීඩනය පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළේය. ජනතාවට අවශ්‍ය වන්නේ කෙටිකාලීන සහන නොව, ඔවුන් සවිබල ගැන්විය හැකි දිගුකාලීන තිරසර වැඩපිළිවෙළක් බවත් උදාවන නව වසරේදී ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවන බවත් ඔහු අවධාරණය කරයි. අලුත් අවුරුද්ද මඟින් කියාපාන සංහිඳියාවේ පාඩම පෙරදැරි කරගෙන සියලු දෙනාට සාමය සතුට පිරි අවුරුද්දක් වේවායි ඔහු ප්‍රාර්ථනා කර සිටී.


















