• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

13 වැනි සංශෝධනය ගැන විපක්ෂනායක සජිත්ගේ ස්ථාවරය මහා සංඝරත්නය ඉදිරියේ දී පවසයි

15 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒකීය ස්වෛරි රටක් භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් මේ සියල්ල අද වන විට තර්ජනයට ලක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි අදියර අද (15) ගාල්ල නගර ශාලාවේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

රටක ඒකීය භාවය ස්වෛරිත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව ජාතික එකමුතුභාවය වැදගත් බවත් සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක් කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් විමේ අවස්ථාව උදා කර දෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන විදිහට කටයුතු කරන බවත් පැවසීය.

ඒකීය භාවය, ස්වෛරිත්වය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව යන සංකල්ප ගැන කතා කරන්න පෙර රට තුළ ඇති බෙදීම නැතිකර දැමිය යුතු බවත් සියලුම ජන සමාජ සියලුම ජන කොට්ඨාස සුරක්ෂිතභාවය ඒකීය භාවය වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද කැපවෙන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

රට තුළ මේ වන විට කතාව වැඩි වී ක්‍රියාව අඩු වී ඇති බවත් පසුගිය දිනක මිහින්තලා පුදබිමේ සිදුවූ විදුලි කප්පාදුව ගැන කණගාටුවට පත් වන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රජය විසින්ම අමු අමුවේම උල්ලංඝනය කිරිමක් බවත් 75 වසරක ඉතිහාසය ගැන කතා කරන විට ඒ ඉතිහාසය පුරාම හිටපු නායකයෝ වැඩ කලේ ආණ්ඩුවේ බලය අරගෙන බවත් විපක්ෂය සිදු කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු කිරීම වුවත් වත්මන් විපක්ෂය විසින් ඒ සියලු දේ වෙනස් කර විපක්ෂයේ සිට තුන් වැනි මාවතක ගමන් කරන බවත් වැඩ කරන මාවත එය බවත් කතා කරන දේ ක්‍රියාවට නංවන මාවත එය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දි පැවසීය.

මිහින්තලේ සිදු කළා මෙන් රටේම තිරසර වැඩසටහනක් දියත් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය බවත් මුළු රටම අපේක්ෂාවෙන් සිටින සිස්ටම් එකේ වෙනස සමගි ජන බලවේගය ඇති කර තිබෙන බවත් හොරකම වංචාව තුරන් කර සත්‍යවාදී ශක්තිමත් දේශයක් ගොඩ ගැනීමට කටයුතු කරන බවත් හොරුන් සමග කිසිදු අවස්ථාවක ගණුදෙනුවක් නොමැති නිසා පසුගිය කාලයේ බලය ලබා ගැනීමට ඉල්ලීම් සිදු කළත් එය නොකළ බවත් ජනතා වරමකින් පමණක් එම බලය ලබා ගන්නා බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක අවස්ථාවාදීත්වය මුල් කර ගෙන කටයුතු නොකරන බවත් ඕනෑ තරම් අභියෝග ආවත් කිසිදු අවස්ථාවක ඒ වෙනුවෙන් නොසැලෙන බවත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් බවත් රටට වැඩක් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් සදහා සූදානම් බවත් ශක්තිමත් ඒක්‍රගතාවක් අනුව යමින් ලොව ප්‍රථමයා බවට අපේ රට පත් කිරීමට යන ගමනට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ විහාරස්ථාන 10089ක් ද දහම්පාසල් 10018ක් ද පිරිවෙන් 820කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මේ සෑම ආගමික ආයතනයක්ම අනාගතයේ දී ශක්තිමත් ආගමික සංවර්ධන වැඩපිළිවෙළකට යොමු කිරීමට අදහස් කරන බවත් අතීතයේත් වර්තමානයේ දී විවිධ පාලකයන්ගේ හැසිරීම් රටාව තුළ සමගි ජන බලවේගයේ ගමන සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට නොඑළඹෙන ලෙසත් දස රාජ ධර්මය කේන්ද්‍ර කර ගත් ගමනක් සමගි ජන බලවේගය වර්තමානයේත් අනාගතයේත් ඉදිරියට යන බවත් ඔහු අවධාරණය කලේය.

මේ මොහොත වන විටත් කට වචනයට සීමා නොවී සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සෑම ආගමික සිද්ධස්ථානයක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමාජ සේවා, ආගමික හා දේශපාලන ගමනක් යන බලවේගයක් ලෙස ඉතිහාසයෙන් ගත යුතු ධනාත්මක පාඩම් ගෙන ඉවත් කළ යුතු සෘණාත්මක කරුණු හොඳින් අවබෝධ කර ගෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ අවවාද උපදෙස් අදහස් යෝජනා ලබා ගෙන උපරිම ආකාරයෙන් නිවැරදි ගමනක් යන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම විහාරස්ථානයකටම මෙන්ම ආගමික සිද්ධානයකටම සංවර්ධන අරමුදලක් ඇති කරන බවත් ගමේ නගරයේ පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයෙන් සිදු කරන දහම් පණිවිඩය ජන සමාජයේ විනයගරුක භාවය ශීලාචාරාත්වය ශිෂ්ටසම්පන්න භාවය ව්‍යාප්ත කර දැහැමි ප්‍රශස්ත ප්‍රබුද්ධ පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ගමේ දහම්පාසල, පිරිවෙන ආදී ස්ථාන ශක්තිමත් කරන බවත් විශේෂයෙන් ම මේ වන විට සෑම විෂයක් කේන්ද්‍ර කර ගෙන ස්ථාපිත කර ඇති ප්‍රතිපත්ති කමිටුව තුළින් සෑම විෂයක් පිළිබද නූතනවාදී දැක්මක් තුළින් ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න කටයුතු කරන බවත් පන්සලේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න ජාතික වැඩපිළිවෙළක් දියත් කරන බවත් විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන මුහුණ දෙන විදුලි ජල ගැටලු වැනි විවිධ ගැටලුවලට තිරසර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිගේ ක්‍රියාකලාපය ජාතික සමගියට බාධාවක් – ආචාර්ය අකුරැටියේ නන්ද හිමියන්

වසර 5ක් පුරා පළාත් සභා අක්‍රියව ඇති බවත් ජනාධිපතිගේ සෘජු පාලනයට ලක් ව සිටින ආණ්ඩුකාරවරුන් 13 සංශෝධනයත් අභිබවා යන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් පුරාවිද්‍යා පනත පවා උල්ලංඝනය කරමින් තම අභිමතය පරිදි විධායක ජනාධිපතිවරයා කටයුතු කරන බවත් මීට විරුද්ධ විය යුතු බවත් සෑම ජාතියකම ආගමකම ජනතාව මෙරට තුළ සමගියෙන් සාමයෙන් සිටියත් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය තුළ එම සමගියට බාධාවක් එල්ල විය හැකි බව ආචාර්ය අකුරැටියේ නන්ද හිමියන් මෙහි දී පැවසීය.

මම දේශපාලනඥයෝ විශ්වාස නොකළාට සජිත් මහත්තයා විශ්වාස කරනවා – තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ

තමා දේශපාලනඥයන් කිසිදු අවස්ථාවක විශ්වාස නොකළත් සජිත් ප්‍රේමදාස මහතාව ඉහළින්ම විශ්වාස කරන බවත් ඕනෑම අවස්ථාවක සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ඇති බවත් රට ජාතිය ආගම වෙනුවෙන් මේ සිදු කරන මෙහෙය ඉතාම අගය කරනා බවත් තිනියාවල පාලිත හිමියන් මෙහි දී පැවසීය. මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරන්නේ රාජ්‍යයක් නොව ආණ්ඩුවක් බවත් කැබිනට් මණ්ඩලයක් නොමැති බවත් ඇත්තේ එහෙයියන් පිරිසක් සහ පිං අගමැතිවරයෙක් බවත් උන්වහන්සේ මෙහි දී පැවසීය. මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට නම් මහා සංඝරත්නය නැගිටිය යුතු බවත් විපක්ෂයට හෝ විපක්ෂ නායකවරයාට අපහාස හෝ දොස් පැවරීම නොව ආණ්ඩුව වෙනස් කිරීම පමණක් සිදු කළ යුතු බවත් පැවසීය.

බංකොලොත් රට ගොඩ ගැනීමේ වගකීම විපක්ෂය සතු යි – දිදුල මාධ්‍ය ජාලයේ සභාපති මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේ

දශක 4ක් පුරා කහ සිවුර නිසා නායකයෝ බිහි වුවත් ඔවුන් බලය ලබා ගත් පසු ස්වාමීන් වහන්සේලා අමතක කළ බවත් සංඝයා වහන්සේලා පිටුපාලා රටක් පාලනය කළ නොහැකි බවත් මේ වන විට රට සෑම පැත්තකින්ම කඩා වැටී ඇති බැවින් එම රට ගොඩ ගැනීමට වත්මන් විපක්ෂයට වගකීමක් ඇති බවත් එය පැහැර හැරිය නොහැකි බවත් දිදුල මාධ්‍ය ජාලයේ සභාපති මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේ මෙහි දී පැවසීය.

Post Views: 2
Previous Post

පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනයට අවසර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

දුමින්දගේ චෝදනාවට ඇමති ටිරාන්ගෙන් දවස් 3 කට පසු පැමිණිල්ලක්

editor

editor

Next Post

දුමින්දගේ චෝදනාවට ඇමති ටිරාන්ගෙන් දවස් 3 කට පසු පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved