27 April 2024
#දේශීය

පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනයට අවසර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය යටතේ ආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට රේගුවේ රඳවාගෙන ඇති රථ නිදහස් කර ගැනීම සඳහා ද අවසර හිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස රඳවාගෙන ඇති රේගු ප්‍රකාශන ලබා දී නොමැති රථ, ආනයන අපනයන පාලක ජනරාල් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව තොටුපොළ තෙක් වටිනාකම (CIF Value) මත අය කෙරෙන 30%ක බද්දක් ගෙවා මුදා ගත හැකි බවයි.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි සහ ට්‍රක් රථ ආයනය සඳහා ඊයේ (14) මධ්යරම රාත්‍රියේ සිට අවසර හිමිව තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කැලිකසල ඉවත් කිරීම සඳහා යොදා ගන්නා ලොරි, ගිනි නිවන රථ වැනි විශේෂ කාර්ය සඳහා භාවිත වන රථ සඳහා ද මේ යටතේ අවසර හිමි වන බවයි.

බස් රථ ආනයනය සඳහා අවසර ලබා දීම, මගී ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හේතුවනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *