• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගොඩනගනකණ්ඩායම තමා සතු බව විපක්ෂ නායක සජිත් කියයි

15 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විධිමත් සහ විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ගත හැකි බවත්, ඊට නායකත්වය දිය හැකි කණ්ඩායමක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” ආර්ථික සමුළුව ඊයේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මෙම සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ආර්ථික විශේෂඥයින් මෙන්ම ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්විය.

මෙහිදී ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසර සංවර්ධනය වෙනුවෙන් වෙන සැලැස්ම එලිදැක්විමද සිදුවිය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්පූර්ණ කතාව මෙසේය ” කන්ෆියුසියස් කියන දාර්ශනිකයා එක අවස්ථාවක දී මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරනවා. Our greatest glory is not in never falling but in rising every time we fall එනම් අපගේ විශිෂ්ටතම මහිමය පවතින්නේ කිසිදින නොවැටී සිටීම තුළ නොව. වැටෙන සෑම අවස්ථාවකම නැගී සිටීම තුළ ය.

ඔබ අප සියලු දෙනාව අවබෝධ කර ගත් යථාර්ථය නම් අද අපේ රට වැටිලා. අද අපේ රට බංකොලොත් වෙලා. අද අපේ රට සහ එහි ජීවත් වන සමස්ත ජනයා අතිශය පෝසත් සුළුතරයක් හැරුණු කොට ඉතාමත්ම අන්ත පීඩනයකට අන්ත අසරණ භාවයකට පත් වෙලා. අපි විශ්වාස කරනවා මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ එන්න පුළුවන් වැඩ පිළිවෙළ වඩා ප්‍රශස්තව වඩාත් ප්‍රබුද්ධව කාර්යශුරව හා කාර්යක්ෂමව ඉටු කළ හැක්කේ සමගි ජන බලවේගයත් විශේෂයෙන්ම අප පක්ෂයේ ආර්ථික කවුන්සිලයටත් එයට අනුබද්ධව එකතු වී සිටින දහස් ගණනක් විශේෂඥයන්ට සහ ප්‍රවීණයන්ට කියන කාරණාව.

අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම සුපුරුදු දැක්මෙන් ඔබ්බට ගොස් අප මුහුණ දෙන බරපතළ ප්‍රශ්නය අලුත් විග්‍රහයකට ලක් කරන්න. බොහෝ දෙනෙක් කියනවා මේ හැම දේකටම මුල මේ ආර්ථික ගැටලුව කියලා. මට මතකයි බුෂ් හා ක්ලින්ටන් යන ජනාධිපති අපේක්ෂකවරුන් එක්තරා කාලයක ජනාධිපතිවරණයකට තරග කරන අවස්ථාවේ එදා ප්‍රධාන මාතෘකාව වුණේ ආර්ථිකය. මට මතකයි ඒ කාලේ කිව්වා It’s the economy stupid දැන් සමහරෙක් උත්සාහ කරන්න පුළුවන් ඒ දේම අපේ රටෙත් වෙලා කියලා. ඔව් අපේ රටට ආර්ථික ප්‍රශ්න තිබෙනවා. සමාජීය ගැටලු තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේක ආර්ථිකමය ප්‍රශ්නෙන් ඕබබට ගිය රට පාලනය කිරීමේ ගැටලුවක් කියලා.

පාලකයොන්ගේ අවධානය පමණක් නොව පුරවැසියන් ලක්ෂ 220ක් මේ කාරණාව අවබෝධ කර ගත යුතු යි. සත්‍ය වශයෙන්ම අපේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වුණොත් අපි විශ්වාස කරනවා සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න නිවැරැදි ආකාරයට විසදන දිසානතියට යොමු වෙන එක සත්‍යයක් බවට පත් වෙනවා. එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා නිර්මාණය කළ යුතු නව ක්‍රමෝපානයන් නව යහපත් ආයතන පාරිදෘෂ්‍යභාව ඔප්පු කරන ක්‍රියාදාමවලට අපි මුල්තැන ලබා දෙනවා.

ඒ වගේම යහපත් රාජ්‍ය පාලනයකට යොමු වෙනවා සේම මේ රටේ පිළිකාවක්ම පැවතෙන දුෂණය වංචාව හොරකම වැළැක්වීමේ දැවැන්ත ජාතික ව්‍යායාමයකට අපි රජයක් ලෙස යොමු වෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනාව මේ රටේ සිදුවන දූෂණ වංචාහොරකම් සම්පූර්ණයෙන්ම නැතිවූ ක්‍රමවේදයට යොමුවීමට අලුත් නීති රීති අනපනත් රාජ්‍ය පාලනයේ වෙනස්කම් ක්‍රියාත්මක කරන්න.

අපි අදහස් කරනවා අල්ලස දූෂණය වංචාව තුළින් රටට අහිමි වූ සම්පත් නැවත ලබා ගැනීම උදෙසා අලුත් අන පනත් ඒ වගේම කළමනාකරණ අධිකාරියක් ඇති කර අහිමි වූ සම්පත් රටට ලබා ගැනිමේ වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්න.

විශේෂයෙන්ම යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම තුළ මා විශ්වාස කරනවා මෙතෙක් ඉදිරිපත් වුණු ඒ සාධනීය ඒ වැදගත් ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණ ඒ දැක්ම අපිට වඩාත් හොඳින් ඵලදායී ආකාරයට රටේ ක්‍රියාත්මක කිරීමේ ඉඩ ප්‍රස්තාව ලැබෙයි කියලා. ඒ නිසා අපි අනිත් අයට වඩා වෙනස්. ඒ නිසා අපි මෙය හුදෙක් දකින්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් ලෙස නොව රාජ්‍ය පාලන ක්‍රමයේ ව්‍යූහයේ ක්‍රමයේ පරිවර්තනාත්මක වෙනසක්.

ඒ වගේම මම කියන්න කැමතියි මේ බංකොලොත්භාවයෙන් රට ගොඩ ගන්න වැදගත් මොහොත කිසිම කෙනෙකුට අත්හදා බලන්න අවස්ථාවක් නොවේ. ඔබ අප සියලු දෙනාව දන්නවා 2019 අත්හදා බැලීමක් කලා ඒ අත්හදා බැලීම තුළ අද අපේ රට ප්‍රජාතන්ත්‍ර ඉතිහාසයේ ප්‍රථම වතාව තුළ බංකොලොත් රටක් බවට පත් වෙලා.

දේශපාලන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශය සහමුළුන්ම ප්‍රතික්ෂෙප කරපු ධනවාදය තමයි රටක සම්පත් නිර්මාණය කිරීමට හොදම ක්‍රමවේදයයැ සම්පූර්ණයෙන් ඉවත දැමූ හැම දේම සිදුවිය යුත්තේ සංවෘත්ත ආර්ථිකයක් තුළ ආඥාදායක රාජ්‍යත්වයට මුල්තැන දුන් වැඩ පිළිවෙළක් තුළ සිටි අයට රටේ ලක්ෂ 220කගේ ජන ජීවිත එක්ක අත්හදා බැලීමට සෙල්ලම් කිරීමට අවස්ථාවක් නොවේ.
අපි හැමෝටම ලක්ෂ 220ටම දැඩි විශ්වාසයක් තිබෙන්න ඕන. ඔව් අපිට පුළුවන්. ඔව් අපිට අපේ දක්ෂතා කුසලතා උදව් කරගෙන මේ කඩාවැටුණු බිද වැටුණු දේශය නැවත ගොඩගන්න පුළුවන්. ඒ උදෙසා අපිට මුල්තැන දිය යුත්තේ රටක ධන උත්පාදනයට බවත් රජයට නොවත බවත්ය. අපි මුල්තැන දිය යුත්තේ ව්‍යවසායකයකත්වයට. අපි මුල්තැන දිය යුත්තේ තනිපුද්ගල දක්ෂතාවය කුසලතාවයටයි. නවෝත්පාදනය තුළින් අලුත් නිර්මාණ අලුත් පර්යේෂණ හා සංවර්ධනය තුළින් හොද ඉදිරි ගමනක් යන්න.

ඒ නිසා බංකොලොත් ශ්‍රී ලංකාවට ඇති විසදුම අන්ත සමාජවාදී සංකල්ප නොවේ. ලෝකය ඔප්පු කර තිබෙනවා එවන් සංකල්ප තුළින් රටක් ගොඩ ගැනිය නොහැකි බව. එලෙසම මම කියනවා අපි කිසිසේත්ම ඉහළ ශක්තිමත් කළ විට ඉහළින් පහළට ගලා එන ප්‍රතිලාභ මත ආර්ථිකය ක්‍රියාත්මක විය යුතුයි කියන දේ ගැන විශ්වාසයක් නැහැ. ව්‍යවසායකත්වයක් අත්‍යාවශ්‍යයි. වෙළෙඳත්‍පාළ බලවේග හරහා ධන උත්පාදනය විය යුතුයි. ධන උත්පාදන ක්‍රියාවලියට රජය ඒ තරම් සුදුසු නැහැ. එනමුත් ජාතික ආරක්ෂාවට අත්‍යාවශ්‍ය කොටස්වලට රාජ්‍ය මැදිහත් වීම වැදගත් කියලා අපි හිතනවා.
පුළුල් වශයෙන් ගත් කළ ඔබ අපේ රටේ දැක තිබෙනාව අන්තවාදීධනවාදය. ධනවාදී අන්තවාදය පසුකාලීනව ගජමිතුරු ධනවාදයට ක්‍රියාත්මක වුණා. අනික් විකල්පය වන අන්ත සමාජවාදය වැසුණු රටක් සංවෘත රටක් හැමදේම තනියම කරන්න පුළුවන් කියන දුර්වල මානසිකත්ව තුළ නිර්මාණය වුණු අන්ත සමාජවාදයත් ක්‍රියාත්ම කරන්නේ නැහැ. අපි සතුව තිබෙන්නේ මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුසු කොට ගත් නිවැරැදි තුන්වෙනි මාවතයි.

මේ වැඩපිළිවෙළ තුළ සුහුරු රටක් බිහි කරනවා. එය පෙර පාසලේ සිට ආරම්භ විය යුතු යි. ඒ සුහුරු රට තුළ සුහුරු පුරවැසියා නිර්මාණය කළ යුතු යි. ඒ සඳහා රටේ අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් සිදුවිය යුතු යි. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරුවේදය, ගණිතය, කළමනාකරණය, වෛද්‍ය, පාරිසරික විද්‍යාවට මුල්තැන දුන් වෙනසක් ඇති කළ යුතු යි. විෂය නිර්දේශවල ඒ වෙනස සිදු විය යුතු යි.

ඒ වගේම සාර්ව ආර්ථිකයේ සහ ශුද්ධ ආර්ථිකයේ සාධනීය රටට මෙන්ම ජනතාවට වැදගත් වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු යි. මේ හැමදෙයක් ක්‍රියාත්මක කිරීමේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මුල්තැනට ගෙන ධනවාදය තුළින් ධනය උත්පාදනය කර ගෙන එය ජන සමාජයේ සමසේ බෙදී යා යුතු යි.

ජයග්‍රහී පුද්ගලයා ඔක්කොම පොදිය පිටින් ලබා ගන්නා වැඩපිළිවෙළක අපි නැහැ. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා සුබසාධන රාජ්‍ය පිළිබඳ. ධනවාදී එංගලන්තයට පුළුවන් නම් නිදහස් අධ්‍යපනයක් සෞඛ්‍යක් ක්‍රියාත්මක කළ හැකි නම් පුංචි අපේ රටටත් හැකි විය යුතු යි. එය නිවැරදි විය යුතු යි. වර්තමාන අධ්‍යාපන ක්‍රමයට වැඩපිළිවෙළට දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිම මුදලක් වෙන් කරත් හරි යන්නැ. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට පරිගණක, ඩිජිටත් තොරතුරු තාක්ෂණ අධන්‍ාපනයට මුල්තැන දියය යුතු යි. ඒ තුළින් බොහෝ දෙනා කතා කරන දැනුම මත පදනම් තොරතුරු මත දත්ත මත පදනම් ආර්ථිකයට කෘතීම බුද්ධිය ජාන විද්‍යාව වැනි දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු යි. පුදුම විදිහේ විප්ලවීය වෙනසක් ලොව තුළ ඇතිවන විට රටක් ලෙස අපි එකම මඩ වගුරක එබිලා එකම තැන පල් වෙවී ඉන්නවා. මේක වෙනස් විය යුතු යි.

අවසාන වශයෙන් මම කියන්න කැමතියි වෙනස්කම් සිදුවන විට ඒවා පිළිගැනිමට සුදානම් විය යුතු යි. බි්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයෙක් විශේෂයේනම ලෝකයේ අධිරාජ්‍යවාදයට යටත් වී සිටි රටවල් නිදහස් පිළිබද කතා කරනවිට නිදහස් සටන් ක්‍රියාත්මක කරන විට ඔහු සුප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළා. එය හැදින්වූයේ වින්ඩ් ඔෆ් චේන්ජ් යනුවෙනි.

“The wind of change is blowing through this continent and whether we like it or not, this growth of national consciousness is a political fact. We must all accept it as a fact, and our national policies must take account of it”

වෙනසක් සඳහා වූ සුළඟ ත්‍මම මහද්වීපය හරහා හමා යන අතර අප එයට කැමැති වුවද අකැමැති වුවද ජාතික හැගීම හා සම්බන්ධ මෙම වර්ධනය වූ මෙම දේශපාලනය සත්‍යයක් යථාර්ථයක්. අප සියලු දෙනා විසින් එය සත්‍යයක් සේ පිළිගත යුතු වන අතර අපගේ ජාතික ප්‍රතිපත්ති තුළ ඒ කරුණ අවධාරණයට ලක් කළ යුතු යි.

මම මේ කතාව කිව්වේ අපේ රටෙත් දැන් මහ සුළඟක් හමාගෙන යනවා. ඒ සුලග තමයි රට ශක්තිමත් කරන රටේ ලක්ෂ 220ක් ජීවත් කරනවන වෙනසක් ඇති කළ යුතු මහා සුළඟ. ඒ නිසා අපිට තවදුරටත් සම්ප්‍රදායික ගතානුගතික රාමුවට කොටුව රටක් ලෙස සිටිය නොහැකි යි. රාමුවෙන් පිට පැන අලුතින් සිතිය යුතු යි. මම තරයේ විශ්වාස කරනවා රාමුවෙන් පිටපැන අපේ රට සෞභාග්‍ය කරා ගෙන යන්න හොඳම කණ්ඩායමක් ඉන්නවා.

අපේ ආර්ථික කවුන්සිලයේ ත්‍රිත්වය වන ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා, එරාන් වික්‍රමරත්න මැතිතුමා හා කබීර් හෂීම් මැතිතුමා. එතුමන්ලාගේ අත්දැකීම් පළපුරුදුද කළපුරුද්ද දැකපුරුද්ද ආදී සියලු දේ මුසු කර ගෙන රට ගොඩ නගන ප්‍රගතිශීලී ඉදිරි ගමනක් යන අනාගතවාදී නූතනවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර වැදගත් ප්‍රබුද්ධ උගත් කණ්ඩායමක් අප සතුව සිටිනවා. එවන් කණ්ඩායමක් සතු එකම පක්ෂය සමගි ජන බලවේගයයි.

ඒ වගේම මම විශ්වාස කරනවා මේ අර්ථික කවුන්සිලය සමග බද්ධව කටයුතු කරන අපිට තිබෙනවා විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්ය, කථිකාචාර්යවරුන් 1100කට වැඩි ප්‍රමාණයක බුද්ධි මණ්ඩපයක්. ඔවුන්ගේ දායකත්වයත් අපිට ලැබෙනවා. ඒ වගේම ජාතික වෘත්තීයවේදීන්ගේ සභාවෙත් දහසකට වැඩි වෘත්තීයවේදීන් ප්‍රමාණයක් අපේ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රතිපත්ති නිර්මාණය කරමින් රජයට ආව දවසක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉන්නවා.

අපි දකිනව අඩුපාඩුවක් නම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවාට මදි ප්‍රතිපත්ති අධීක්ෂණය කරන්න ඕන. ඒ සදහා මම සදහන් කළ මේ කණ්ඩායමට අමතරව තරුණ වෘත්තීය වේදීන්ගෙන් දහස් ගණනක් ඉන්නවා.

මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය පාලන ගැටලුවක්. ඒ ප්‍රතිසංස්කරණවලට සූදානම්. අපි අනුගමනය කරන්නේ නිදහසෙන් පසු පක්ෂ ක්‍රියාත්මක කළ සුපුරුදු ගමන්මාර්ගය නොව මැද මාවතක්. අවසාන වශයෙන් මේ කතා කරන සියලුම දේ කතාවට පමණක් සීමා වුවහොත් මෙය තවත් එක් කතාවක් විතරයි. කතාව ක්‍රියාවට නැංවීමට අප සතුව වඩාත් ශක්තිමත් උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා.

දිස්ත්‍රික් මට්ටමින් මේ රටේ ව්‍යවසායකයන් හමුවී අපේ මේ දැක්ම මේ තුන්වෙනි මාවත විග්‍රහ කරන මොහොතක හොදින් අවබෝධ කර ගන්න සමගි ජන බලවේගය කියන්නේ තනි පුද්ගලයකුගේ ක්‍රියාත්මකf නොවේ. මේක කණ්ඩායම් ගමනක්. අප සතුව විවිධ දක්ෂතා කුසලතා ඇති අය ඉන්නවා. අපි වාසනාවන්තයි අප සතුව එවැනි අය සිටීම ගැන. යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ස්තුතියි

Post Views: 1
Previous Post

මහජන මතය සමග සෙල්ලම් කරන්න ඉඩදෙන්නේ නෑ – අනුර කියයි

Next Post

ඡන්දය පොහොට්ටුව කිසිම බලපෑමක් නෑ .. අපි දිනනවා -මන්ත්‍රීනි කෝකිලා

editor

editor

Next Post

ඡන්දය පොහොට්ටුව කිසිම බලපෑමක් නෑ .. අපි දිනනවා -මන්ත්‍රීනි කෝකිලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved