විපක්ෂයේ දේශපාලන පක්ෂ වල මැතිවරණ භීතිකාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් මැතිවරණ කල් දැමීම සදහා ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම ව්‍යර්ථ වෙමින් පවතින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ගුණකරුක, විණයගරුක, සාධාරණ සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට නිවැරදි දිශානතියකට ගෙන යමින් සිටින බවයි. එවැනි ජනහිත කාමි නායකයකු සමග මැතිවරණ වලට ඉදිරිපත් වී ජනතා මනාපයක් ලබා ගැනීමට ඇති බිය නිසා විවිධ බොරු හේතූන් රට තුළ මවා පාමින් ජන්දය භාවිතා කිරීමේ ජනතා ප්රජාතන්ත්රවාදය කල් දැමීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් උත්සහ කරන බව නිමල් ලාන්සා මහතා පැවසීය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග රටේ ජනතාව අනාරක්ෂිත කරමින් ජන්දය පැවැත්වීමට කිසිදු විටක මැතිවරණ කොමිසමට රජය බලපෑම් නොකළ බවත්, සෞඛ්‍ය අංශ ලබා දෙන සෞඛ්‍ය උපදෙස් මත මැතිවරණය පවත්වා ජනතා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ලෙස මතයක් ඉදිරිපත් කළ බව නිමල් ලාන්සා මහතා පැවසීය.
රටේ ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත්වනු දැකීමට විපක්ෂ තුළ එතරම් මනාපයක් නොමැති බව ප්‍රදර්ශනය වන බව හෙතෙම පැවසිය.
කොවිඩ් 19 වසංගතය පාලනය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ගෙන ගිය වැඩපිළිවෙල පිළිබදව ජනතාව තුළ ඉහළ විශ්වාසයක් ගොඩනැගී තිබෙන බවත් ඒ ගෞරවය එම පාර්ශවයන්ට ලබා දීම අපේ යුතුකමක් බව හෙතෙම අනාවරණ කළේය.