27 April 2024
#දේශීය

කොළඹ නගරයේ ඩෙංගු මර්ධනයට අද සිට

කොළඹ මහ නගර සභාව පරිසර පොලීසි සමඟ එකතුව විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ආරම්භ කිරීමට සැළසුම් සකස් කර තිබෙන බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය විසින් පැවසුවාය.

ඊයේ (03) කොළඹ නගර සභාවේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව රටේ ඩෙංගු මදුරුවන් බෝ වීම සම්බන්ධයෙන් සියලුම මහ නගර සභා, නගර සභා, රාජ්‍ය ආයතන වලට ලබා දී ඇති උපදෙස් වලට අනුව ඇඳිරි නීතිය පනවා ඇති 4,5,6 දින වලදී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඉහත දිනයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, ඝණ අපද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ඇති සියලුම නිවාස පරික්ෂාවට ලක් කරන අතර, ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ඇති නිවෙස් සඳහා දැඩි නිතීමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කර බව ඇය කියා සිටියාය.

මේ අතර ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සම්බන්ධයෙන් අපගේ ඝණ අපද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිසි ක්‍රියාමාර්ගයන් ගැනීමටද කටයුතු කරනු ඇත.

මේ වන විට අධික වර්ෂා කාලයක් නිසා ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ ඔබගේ නිවස අවට පරිසරය පිරිසිදු කර ගන්නා ලෙසත්, ඩෙංගු මදුරුවන් මදුරු කීටයන් බහුලව බෝ වන ස්ථාන සම්බන්ධයෙන් ඔබගේ නිසි අවධානය යොමු කරන ලෙසත්, මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය සඳහා අපගේ නිලධාරීන්ට ඔබගේ සහයෝගය සෑම අවස්ථාවකදීම ලබා දෙන ලෙසත් සියලුම ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය ඉල්ලා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *