පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර කිහිපයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පසු දෙරට අතර සෘජු යුධමය තත්ත්වයක් නිර්මාණය වී තිබේ. පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා මෙය ‘විවෘත යුද්ධයක්’ ලෙස නම් කර ඇති අතර, පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් කබුල් සහ කන්දහාර් නගරවලට හානි සිදු විය. මෙම ප්‍රහාර එල්ල වූයේ ඇෆ්ගනිස්ථාන හමුදා විසින් පාකිස්ථාන දේශසීමා මුරපොලවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.














