• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වීමට තීරණය කෙරේ

13 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 වැනිදා දක්වා රැස්වීමට ඊයේ (13) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මෙම සෑම දිනකම පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වන අතර 20 වැනි සිකුරාදා හැර සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

ලබන 17 වැනි අගහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2307/12 සහ 2308/26 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද රෙගුලාසි ද විදේශ විනිමය පනත යටතේ අංක 2308/51 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 126) සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 160) දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව ඇත.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

ජනවාරි 18 වැනි බදාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. ව්‍යවස්ථාපිත ආයතන කිහිපයකට අදාළව පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශයක කාරක සභාවල අනුමතිය හිමිව ඇති වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 22 ක්ද අනතුරුව අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

අනතුරුව එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් ලබන 18 වැනිදා ප.ව 1.00 ට පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළවී ඇති අතර එහිදී කාරක සභාව තීරණය කළහොත්, ලබන 19 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතය.

අනතුරුව එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.

ජනවාරි 20 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන්කර ඇත. මේ අනුව අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් වන උපාලි මර්වින් සෙනරත් දසනායක, (වෛද්‍ය) නෙවිල් ආතර් ප්‍රනාන්දු, ගුණරත්න වීරකෝන් සහ රාජා කොල්ලුරේ යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

 

Post Views: 0
Previous Post

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමු වෙයි

Next Post

දේශීය නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කරනවා – කර්මාන්ත ඇමති

editor

editor

Next Post

දේශීය නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කරනවා - කර්මාන්ත ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
අදත් මහ වැස්ස

අදත් වැස්ස

18 June 2025

Recent News

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
අදත් මහ වැස්ස

අදත් වැස්ස

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved