පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (මාර්තු 04) සභා වාරයේදී කථානායකවරයා විසින් සභාගත කරනු ලැබීය. මෙම සංවේදී සිදුවීම සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා විවෘත කර ඇති බව ද මෙහිදී නිවේදනය කෙරිණි.
මෙම පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ පසුබිම් තොරතුරු විමසා බැලීමේදී, අදාළ හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට 2025 ජූලි 25 වන දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබුණි. ඒ අනුව විශ්‍රාමික මහධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් සිදුකරන ලද විධිමත් විමර්ශනයේ අවසන් වාර්තාව 2025 නොවැම්බර් 24 වන දින කථානායකවරයා වෙත භාර දී ඇත.














