පාර්ලිමේන්තුව අද (20) පෙරාතුවරු 9.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. දවසේ ආරම්භයේදී පෙරාතුවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.
පෙරාතුවරු 10.00 සිට 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන් විසින් විමසනු ලබන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, ඉන් අනතුරුව පෙරාතුවරු 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කරන විශේෂ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
පෙරාතුවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය අද දවසේ ප්‍රධාන විවාදය සඳහා වෙන් කර තිබේ. “බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු” යන තේමාව යටතේ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය මෙහිදී පැවැත්වීමට නියමිතය.















