• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරටට පැමිණෙන මගීන හෙට සිට නිරෝධායනයට ලක් කරයි

9 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් නිරෝධායනයට ලක් කිරීමේ කිරීමේ වැඩපිළිවෙල දකුණූ කොරියාවේ සිට හෙට (10) පැමිණෙන ගුවන් යානයේ ගුවන් මගීන්ගෙන් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා අද (09)සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වන්දනා කටයුතු සදහා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නවත්වන ලෙස බෞද්ධ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට (10) පෙරවරු දකුණූ කොරියාවේ සිට පැමිණෙන ගුවන් යානයේ පිරිසෙන් ආරම්භ කරනවා. අද දින බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ දී මා ඇතුලු සෞඛ්‍ය ලේකම්තුමිය, ගුවන්තොටුපල සමාගමේ සභාපති තුමා, විවිධ කාර්ය මණ්ඩල සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මේ පිළිබද දීර්ඝ සාකච්ඡාවක් කරනු ලැබුවා. මෙම කටයුත්ත පහසු දෙයක් නොවෙයි. විශාල මෙහෙයුමක් තිබෙනවා. ඒ අනුව අපි යම් යම් තීරණ වලට එළඹුනා. මෙහිදී සිදුවන ක්‍රියාවලිය සංවිධානය කරනු ලැබුවා. පැමිණෙන මගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී, විෂබීජහරණයකට ලක් කොට බස් රථ මගින් මඩකළපුව නිරෝධායන මධ්‍යස්ථානයටත්, කන්දකාලු නිරෝධායන මධස්ථානයටත් රැගෙන යනු ලබනවා. පැමිණෙන දින අනුව වෙන් වෙන් වශයෙන් නිරෝධායන මධස්ථානවල රදවනු ලබනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කරනවා. මෙම පිරිස් දින 14 ක නිරෝධනයෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට කරනු ලබනවා. මෙම පිරිස් වෙත අවශ්‍ය යම් සුළු සෞඛ්‍ය පහසුකම් එම පරිශ්‍රයෙත්, අවශ්‍ය කරන සියලු පහසුකම් රෝහල් මගින් ලබාදීම සදහාත් කටයුතු කරනු ලබනවා. මෙම වැඩපිළිවෙල සම්පූර්ණ වැඩපිළිවෙළක්.”

“අද දින අප විසින් තීරණය කරනු ලැබුවා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නැවැත්වීම සදහා. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත අද දින මේ දැනුම් දීම කරනු ලැබුවා. නැවත දන්වන තුරු වන්දනා නඩ යැවීම මේ අනුව නවත්වනු ලැබුවා. මේ තීරණ ගැනීමට හේතු පාදක වන්නේ ඉන්දියාව තුල වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සිටිමත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දී ඇති පරිදි ඉන්දියාවේ මේ සුළු සංඛ්‍යාව තුල රෝගීන් සම්ප්‍රේෂණය වීමෙි තත්ත්වය ඇතිවීමත් නිසා. වන්දනා නඩ සදහා වයස 60-70 වැඩි පිරිස් වැඩි වශයෙන් සහභාගි වනවා ඔවුන් කායික වශයෙන් දුර්වලයි, විවිධ රෝග තිබෙනවා, දැනට ලෝකය තුල වන අත්දෑකීම තමයි මෙම වෛරසය වැළැදුන පිරිසෙන් සියයට 80 ක් පමණ වයස් ගත සහ විවිධ රෝගී ත්ත්වයන් තිබෙන පුද්ගලයින් වීම.”

එමෙන්ම මේ දක්වා සිදු කළ පරිදි අනෙක් රටවලින් පැමිණෙන සියලුම මගීන් දින 14 ක පසුවිපරම තවදුරටත් ක්‍රියාත්මක වනවා. අද වන විට 3900 ක් වැනි පිරිසක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂනයෙන් පසුවිපරමට ලක්වෙනවා. විදෙස් රටවල සිට පැමිණි පිරිස් වෙතින් ඉල්ලා සිටිනවා දින 14 ක කාලයක් නිවෙස් තුලම රැදී සිටන ලෙස. විවිධ උත්සව, සංචාර සදහා නොගොස් දින 14 නිවෙස් වල රැදී සිටින්න. මේ කාලය තුල විදෙස් සංචාර හැකි තරම් අඩු කරන්න.” යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

අප්‍රේල් 26 ඉර පායන්නේ මහින්ද අගමැති ලෙස දිවුරුම් දීලා – ප්‍රේමලාල් කියයි

Next Post

මාතර කාන්තාවන් දිරිය කතුන් කරවන “ලිය ශක්ති” මාතර පුබුදයි…

editor

editor

Next Post

මාතර කාන්තාවන් දිරිය කතුන් කරවන “ලිය ශක්ති” මාතර පුබුදයි…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved