27 April 2024
#දේශීය

අප්‍රේල් 26 ඉර පායන්නේ මහින්ද අගමැති ලෙස දිවුරුම් දීලා – ප්‍රේමලාල් කියයි

අද වන විට දේශපාලනිකව අපට තරගයක් තියෙන්නේ අපි අපි අතරම මිස යු.එන්.පී ඒක සමග නොවන බව හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ නිවිතිගල ආසනයේ ඊයේ දින පැවති ආසන බල මණ්ඩලය අමතමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය “අද වන විට සමහරු නින්දෙන් නැගිටල වගේ කෑ ගහන්නේ උපාධිධාරීන්ට දුන්න පත්වීම ගැන. ඒ අය උපාධිධාරීන් ගැන අද කිබුල් කදුලු හෙලන්නේ දේශපාලනිකව වාසි ලබා ගැනීමට මිස ඔවුන්ට ඇති අදරේ නිසා නොවේ. ඔවුන්ගේ පාලන සමය තුල උපාධිධාරීන්ට සලකපු විධිහ අපි දැක්ක. අද ජනාධිපතිවරයා ඔහු දුන්න ජන්ද පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කලා. කවුරු බිල්ලො මැවුවත් ඒ් සියලු පත්වීම් වලට රජයක් හැටියට අපි වගකීම ගන්නවා. රටේ ප්‍රධානම පුරවැසිය ඉන්න තැනින් ඒවන ලද ඒ් නීතියානුකූල ලියවිල්ල ගැන සැක සංකා උපදවාගන්න එපා. අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැති වරයාගෙන් ඉල්ලන ලද ඉල්ලීම් කිහිපයක්ම අද වන විට ඵල දරල තියෙනවා. වට්ටි කූඩ යොදා සුලු පරිමාන මැණික් පතල් කම්කරුවාගේ ප්‍රශ්ණය අද වන විට විසදී අවසන්. ඒ් වගේම මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා මැණික් කර්මාන්තයේ යෙදෙන විට හැකි උපරිම ආකාරයෙන් පරිසරය අරක්ෂා කරන මෙන්. මොකද පරිසරය රැකුනොත් තමයි අපි රැකෙන්නේ. ඒ කාරනාව අපි හෑම දෙනමා හිතේ තබා ගතයුතුයි. මම ඔබතමුන්නාසේලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා අප්‍රේල් 26 වෙනිදට මේ රටේ ඉර පායන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නව අගමැතිවරයා වශයෙන් දිවුරැම් දෙමිනුයි. ඒ සදහා අපි ඉතිහාසයේ දිවි පරුදුවට තබා වෙහෙස මහන්සි උනා. මෙවරත් දිවි හිමියෙන්ම ඒ් සදහා අපි කැපවන බව කිව යුතුමයි. ඒ වගේම අපි දන්නවා මේ දින වල පවතින නියගය නිසා ඔබ තමුන්නාසේලාගේ තේ වගාවන්, එලවලු වගාවන් විනාශ වෙලා ගිහින් අපි මේ ගැනත් ජනාධිපතිවරයා සහ අලමැතිවරයා මේ වන විටත් ලිඛිතව සහ වාචිකව දැනුවත් කරල ඉල්ලීම් සිදු කරල තියෙන්න. ඒ සදහා වන වන්දි මුලද් ඉතා ඉක්මනින් ඔබ තමුන්නාසේලාට ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි ප්‍රේමලාල් මහතා කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *