විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යම පරිගණක පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙම පද්ධති බිඳවැටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන කාර්යාලයේ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම සහ නිකුත් කිරීමේ ක්‍රියාවලියට දැඩි බාධා එල්ල වී ඇත. පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික නිලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර, එම කටයුතු අවසන් වූ වහාම සේවාවන් නැවත ආරම්භ කරන බව බලධාරීන් දැනුම් දී සිටී. සේවාවන් අඩාල වීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කරයි.














