• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා පීඩනය නැති කිරීමේ මාර්ගය ඇගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමයි – පවිත්‍රා

10 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය කාලය තුල කාන්තාවන්ට තිබුන ගෞරවනීය තත්ත්වය සමාජය තුල බිද වැටී තිබූ බවත්, රටේ කාන්තාවගේ දිළිදුභාවය, වේදනාව, පීඩාව නැති කිරීමේ ප්‍රධානතම පිළිතුර වන්නේ කාන්තාවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කිරීම බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

2020 වසරේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ඊයේ   (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහභාගීත්වයෙන් රත්නපුර නව නගර ශාලාවේ දී පැවැත්විනි. 

කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කොට තිබුනි.

“ඇය දිරිමත් – රට සවිමත්” යන්න තේමා කර ගනිමින් කාන්තාවන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය පැවැති අතර, ජාතික  උත්සවයට සමගාමීව ඊයේ 07 සහ අද  08 යන දෙදින දිනයන් හී රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අසල (ලොරි රථ ගාල) ව්‍යවසායික කාන්තාවන්ගේ නිෂ්පාදන කුටි 75 කට අධික  අලෙවි වෙළෙදපොලක් සහ ප්‍රදර්ශණයක් පැවැත්වීමට ද කටයතු යොදා තිබුනි.

මෙම උත්සව සභාවට එක් වෙම්න් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “මෙම අමාත්‍යාංශය මා වෙත ලැබීමෙන් පසු ජාතන්තර කාන්තා දිනය සමරන්නේ කොහෙද කියලා ඇහුවාම මම ලේකම් තුමියට කිව්වා එය සමරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරනීය කාන්තාවන් සමග කියලා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන මම දියණියන්ගේ වටිනාකමත්, අම්මෙකුගේ කාර්යභාරයත් ඔබ වගේම හොදින් දන්නවා. 

මොන අමාත්‍යාංශය අප වෙත ලැබුනත් අම්මා කෙනෙක් විදිහට මේ රටේ කාන්තාවන්ට කරන්න තියෙන කටයුතු ටික සහ වගකීම් බලපුවාම ඒ කාන්තාවන්ට මේ රටේ ගෞරවයක් ලබාදීමයි ප්‍රධාන වශයෙන්ම මේ රටේ සිදු විය යුත්තේ. අපි කාන්තාවන් විදිහට දරුවන්ගේ සියලු වැඩකටයුතු කරන්න ඔිනි. කාන්තාවන් මේ සමාජයේ මොනතරම් බරක් දරා ගෙන සිටිනවා ද. මේ සියලු වගකීම් දරන කාන්තාවට අප සමාජය තුල මොනතරම් ගෞරවයක් ලබාදීමට වැඩපිළිවෙළක් තිබෙනවා ද. පසුගිය කාලය තුල කාන්තාවන්ට තිබුන ගෞරවනීය තත්ත්වය සමාජය තුල බිද වැටුනා. 

කාන්තාවන්ට ජිවිතය ගොඩනගා ගන්න සිදු වුණේ බොහෝ නින්දා අපහාස මැද්දේ. කොටසක් මැදපෙරදිග රැකියා වලට ගියා. කාන්තාවට සමාජය තුල ගෞරවය, වගකීම නිසි තැන තිබෙනවා ද කියන එක ප්‍රශ්ණයක්. මෙම අමාත්‍යාංශය බාරගත් වෙලාවේ මම සිතා ගත්තේ මට පුළුවන් විදිහට මෙරට කාන්තාවන්ගේ ගෞරවය හා අභීමානය රැකීමට කටයුතු කරනවා කියන හැගීමයි. අප රටේ කාන්තාවගේ තිබෙන දිළීදුභාවය, වේදනාව, පීඩාව නැති කිරීමට ප්‍රධානතම පිළිතුර වන්නේ කාන්තාවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීම. මේ කටයුත්ත මට කරන්න පුළුවන් කියලා ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාසය තබා මට ඒ වගකීම පවරා තිබෙනවා. 

ආණ්ඩුව හදලා සති කිහිපයකින් දැන් ආණ්ඩුව විසුරවනවා. මට වැඩි කාලයක් තිබුනේ නැහැ මට දැනුන ඔබේ පීඩාව නිවන්න අවශ්‍ය කටයුතු ඉක්මණින් කරන්න. අපේ රටේ ජන ගහනයෙන් භාගයකට සමෘද්ධි සහනාධාර තිබෙනවා කියන්නේ අපි දුප්පත්. සමෘද්ධීලාභියෙකුගේ මරණයක දී දුන්නේ රුපියල් 15,000 යි. මම එය 20000 දක්වා ඉහළ නැංවූවා. සමෘද්ධී ව්‍යාපාරය හරහා ජනතාවගේ ජිවිතය ඉහළ නැංවීමට කටයුතු කළා. ලංකාවේ සියළුම වැසිකිලි නැති පවුල් සදහා වැසිකිළි සාදා ගැනීමට රුපියල් 40,000 ක මුදලක් දීමට අවශ්‍ය කටයූතු කළා. ජනාධිපතිතුමාගේ ජීවන දර්ශණය මේ රටේ ආර්ථීකය නැගිට්ටවීමට මුල්තැන අම්මාට  දෙමින් පවුල නගා සිටුවමින් දරුවන්ට පරිගණත තාක්ෂණය ලබාදීමටත් කටයුතු කිරීම. ලෝකයට ගෘහ සේවා සැපයීමට අපේ දරුවන් යැවිය යුතු නැති බවත්, දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන කාලයේම වෘත්තීය පුහුණූව ලබාදෙන කාලයේම හොද ඉංග්‍රීසි දැනුමක් සහ හොද වෘත්තීය දැනුමක් ලබාදීමත් බවයි”

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයේ දී හොදම කාන්තා බල මණ්ඩලය තේරීම, හොදම ව්‍යවසායික කාන්තාව තේරීමේ තරගයේ සහතික පත් පිරිනැමීම, හොදම සුහුරුලිය තේරීමේ සමස්ත ලංකා තරගයේ ජයග්‍රාහිකාවන් සදහා සහතික පත් ප්‍රදානය, යුනිලීවර් ආයතනයෙන් සකසන කාන්තාවන් සදහා විද්‍යුත් ජාලගත ඉගෙනුම් පාඨමාලා සදහා වන පරිගණක මෘදුකාංගය (online Education Platform) එළි දැක්වීම ද සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායික කාන්තාව ලෙස කේ.පි.එච්.ඩි රංජනී කාන්ති මහත්මියත්, සමස්ත ලංකා තරගාවලියේ හොදම සුහුරුලිය වශයෙන් ශ්‍රීයාණි දික්කුඹුර මහත්මිත්, රත්නපුර දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල තේරිීමේ තරගයේ පළමු ස්ථානය කුරුවිට කාන්තා බල මණ්ඩලයත් දිනා ගන්නා ලදි. ඊට අදාල සම්මාන හා සහතික පත් ප්‍රදානය ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අතින් සිදු විය.

pavithra 03093

Post Views: 1
Previous Post

මිළ සුත්‍රය තිබුනා නම් ඉන්ධන මිල අඩු කරන්න තිබ්බා – හිටපු මුදල් අමාත්‍ය මංගල කියයි

Next Post

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න – අභිමානී කාන්තා ව්‍යාපාරය

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න - අභිමානී කාන්තා ව්‍යාපාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved