27 April 2024
#දේශීය

මිළ සුත්‍රය තිබුනා නම් ඉන්ධන මිල අඩු කරන්න තිබ්බා – හිටපු මුදල් අමාත්‍ය මංගල කියයි

යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා පැවති ඉන්ධන මිල සූත්‍රය මෙවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩුකර ඒ හරහා බස් ගාස්තු හා ත්‍රී වීල් ගාස්තු ද අඩුකර අඩුකර ජනතාවට සහන ලබාදීම හැකියාව තිබු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද වන විට එනම් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී තිබෙන අතර 2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී ඇති බව සමරවීර මහතා අනාවරණ කළේය.

ඒ අනුව 2019 මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව ඇති බව ඔහු කියා සිටියේය.

මෙමගින් බස් ගාස්තු සහ ත්‍රීවීල් ගාස්තු ද අඩු කර ජීවන වියදම් අඩු කර එලවලු සහ සහල් ඇතුළු අත්‍යාවශ්ය භාණ්ඩ මිල වැඩිවීම නිසා ජීවන බරින් මිරිකී සිටින ජනතාවට සහන ලබාදීමට හැකිව තිබුණි. පොහොට්ටු රජයේ සහන මල්ල අපේක්ෂාවෙන් සිට අපේක්ෂාබන්ගත්වයට පත්වූ ජනතාවටත් තෙල් මිල අඩු කිරීමෙන් සහනයක් ලබා දිය හැකි බව සමරවීර මහතා කියා සිටියේය.

මේ රජය ජනතාවට සහන ලබාදීමට කිසිඳු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්ධන මිල සහනය ජනතාවට ලබා නොදිමෙන්ම පැහැදිලිවන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *