27 April 2024
#දේශීය

ඇස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා ගෙවිම් ආරම්භ කෙරේ – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

 

ඇස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

දෙවන කාණ්ඩය සඳහා මුදල් ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට සුදුකම් ලබා ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 සඳහා ප්‍රතිලාභ ලබාදීමට රුපියල් බිලියන 15ක් පමණ වැය වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එම සියලු දෙනාටම අවශ්‍ය මුදල් කඩිනමින් මුදාහරින බව ද කියා සිටියේය.

අස්වැසුම පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙ. ව 9.00 සිට ප. ව 4.00 දක්වා සිදු කළ හැකි බවත් ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ව්‍යාජ තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමක් සිදු කර තිබුණහොත් එය නැවත පූර්ණය කර ගැනීම සඳහා අස්වැසුම පනතේම ප්‍රතිපාදන ඇති බවත් එසේ සිදුව ඇත්නම් නැවත මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට පසුබට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එහිදී අදහස් පල කල මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා “ අස්වැසුම ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ පළමු කණ්ඩායම සඳහා මුදල් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. එයින් ප්‍රතිලාභී පවුල් 689,803ක් මේ වනවිට තම ගිණුම්වලට මුදල් ලබාගෙන තිබෙනවා. එය රුපියල් බිලියන 4.395ක් පමණ වෙනවා. සමස්තයක් ලෙස අස්වැසුම සඳහා ප්‍රතිලාභි පවුල් ලක්ෂ 15ක් සුදුසුකම් ලබා තිබෙනවා. තවත් පවුල් ලක්ෂ 10ක් ඉල්ලුම්පත් යොමු කර තිබෙනවා. විරෝධතා යොමු කළ පවුල් ගණන ලක්ෂයක් පමණ වෙනවා. මේ සියල්ල සලකා බලා සමස්තයක් ලෙස අස්වැසුම සඳහා ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20ක් තෝරා ගැනීමට කටයුතු කරනවා. අඩුආදායම් ලාභී පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම අස්වැසුම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබාදීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමිව තිබෙනවා. දැන් මෙම පළමු කණ්ඩායම වෙනුවෙන් අප මුදල් මුදා හැර තිබෙනවා. දෙවන කණ්ඩායමට ලබන සතියේදී මුදල් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ යම් ගැටලුවක් හෝ දැනගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නම් 1924 දුරකතන අංකය මඟින් තොරතුරු ලබා ගන්න හැකියාව තිබෙනවා. මේ ලබාදෙන මුදල් අප ලබාදෙන්නේ ජූලි මාසයට අදාළවයි. ඉදිරියේදී අගෝස්තු මාසයට අදාළ මුදල් ලබාදීමට කටයුතු කරනවා. අස්වැසුම ප්‍රතිලාභ කිසිදු මාසයක් මගනොහැර ලබාදෙනවා. අස්වැසුම ලබාදෙන්නේ අනෙක් වැඩිහිටි දීමනා, අබාධිත දීමනා ලබාදෙන අතරවීම විශේෂත්වයක්. සමෘද්ධි ආයතනය මඟින් මෙම පවුල් සවිබලගැන්වීම සිදු කරනවා. අස්වැසුම ප්‍රතිලාභීන් පවා සවිබල ගැන්වීම සිදු කරනවා. මක්නිසාදයත් ලබන වසරේ දී නැවත අස්වැසුම සඳහා ඉල්ලුම් කළ යුතුයි. එක කණ්ඩායමකටම අඛණ්ඩව මෙම ප්‍රතිලාභ ලබා දීම සිදු වන්නේ නැහැ. අස්වැසුම ලබාදෙන්නේ ප්‍රතිලාභ අවැසිම පවුල්වලට පමණයි. ජනතාව සවිබල ගැන්වීමෙන් පසුව ප්‍රතිලාභ අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම කිසිවෙකු හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා ද කියා අප සොය බලනවා. කිසිවෙකු හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබාගෙන තිබුණහොත් එය නැවත අයකරගැනීමේ ක්‍රමවේදයක් අස්වැසුම පනතෙන්ම තිබෙනවා. ඒ අනුව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලබාගත් මුදල් නැවත අය කරගන්නවා. ඉන්පසුව අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින ඊළඟ ප්‍රතිලාභියාට අවස්ථාව ලබාදෙනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *