• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දශක දෙකක ආර්ථිකය හොඳටම කලේ PB

2 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දශක දෙකක ආර්ථික යුතුකම හොඳටම ඉටු කල පිබි ජයසුන්දර රට වෙනුවෙන් ඉටුකොට ඇති යුතුකම අතිශයින්ම ප්‍රමණවත් බව ‍ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර පවසයි.ඔහු පසුගිය 29 වනදා සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව පැවසිය.

දේශපාලන ආරාංචි මාර්ග කියා සිටින්නේ මේ වන විට පි.බී.ජයසුන්දර හට ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි. එම විරෝධය අගමැතිවරයාගේ සිට සියලු ක්‍රියාකාරි දේශපාලන හා සමාජ මතධාරින් දැඩි පිලිකුලෙන් යුතුව ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑමක් එල්ල කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කාලයේ ආර්ථිකය ඍණ අගයකට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාලයේදී ආර්ථිකය බංකොලොත්භාවයට මෙහෙයවීම, පවතින කොවිඩ් ව්‍යවසනය මහජනතාව වෙත දැඩිව බලපාන බව සමාජ ක්‍රියාකාරියින්ගේ දැඩි අදහසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේදී පවා පිබි ජයසුන්දරව හැදින්වුයේ ආර්ථික ඝාතකයා ලෙසයි.

එයින් නොනැවති ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත්ව එම ගෞරවාන්විත තනතුර අවභාවිතා කරමින් ආර්ථික තීරණයන්ට මැදිහත් වී ශ්‍රී ලංකා ආර්ථිකය ආගධයට පත් කිරීමට වගකිවයුත්තා වේ.

පිබි ජයසුන්දරගේ සමිපතයින් අප වෙත පැවසුවේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හා මානසික මට්ටම ජනාධිපති ලේකම්වරයෙකුට උචිත නොවන බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කටයුතු අවුල් කරනුයේද පිබි ජයසුන්දර විසින් බව ජනාධිපතිවරයාට තේරුම් ගැනීමට නොහැකි වන පරිදි සුක්ෂම ආකාරයට මෙහෙයවීමට ඔහු දක්ෂයෙකි.

ජනාධිපති ලේකම්වරයා ලෙස පත් වු දින සිට පිබි ජයසුන්දරගේ හැසිරීම් වෙනස් වී ඇති බවත් ඔහු දැන් සිටින්නේ ජනාධිපතිවරයාගේ බලතල පවා අනිසි ආකාරයට භාවිතා කරමින් තම ව්‍යාපාරික හිතවතුන් හා ව්‍යාපාරික වුවමනාවන් ඉෂ්ඨ කර දිම නොරහසකි. කෙසේ වෙතත් මේ වන විට ඔළුව උදමවා ගෙන සිටින පිබි ජයසුන්දර හට රාජකාරි මට්ටමින් හෝ හමුවීමට, දුරකතනයෙන් ඇමතීමට මෙන්ම ලිපියක් හුවමාරු කර ගැනීමට ද නොහැකි තරම් වුවද කාර්ය බහුල වුවත් සෑම සති අන්තයේ ඔහුගේ නිකවැරටියේ ගොවිපලේ විවේක සුවයෙන් ගත කිරිම කාර්ය බහුල ජනාධිපති ලේකම්වරයෙකුට නොවටිනා බව ඔහුට හිතවත්යැයි කියන පිරිස චෝදනා කරන අතර රටේ ආර්ථික මරමස්ථානයන් වෙත ඔහුගේ සුවච කිකරු නිලදාරින් යොදවා ආර්ථිකය විනාශ මුඛයට ඇඳ දමා ඇති විමද තවත් අත්තනෝමතික ක්‍රියාවකි. තමන්ට හිතවත්යැයි සිතන පිරිසට රටේ නිතිය පවා වෙනස් කරමින් කටයුතු කිරීමක් පෙනෙන්ට ඇති බව ඇතැමුන් චෝදනා ද කර සිටි.

පිබි ජයසුන්දර මේ වන විට ජනාධිපති ලේකම් ධුරයට නුසුදුසුවන්නේ ඔහුගේ සිහිකල්පනාව එතරම් සුබ දායක නොවන තත්ත්වයක පවතින බව දැනගන්නට ලැබිමෙනි. එවැනි අයෙකු ජනාධිපති ලේකම්වරයා යන ප්‍රධාන තනතුර දරමින් රට තවත් ව්‍යවසනකාරි තත්ත්වයට පත් කරමින් තවදුරටත් එම ධුරයේ සිටිමින් සිදුවන්නේ ගලවා ගත නොහැකි තරම් අවුල් අර්බුධකාරි තත්ත්වයට රට පත්වීමත් එම තත්ත්වයෙන් වලක්වා ගැනිමට ඉදිරියේදී ජනාධිපතිවරයා ක්‍රියාකාරිව මැදහත් වේ යැයි ආණ්ඩු පාර්ශවයේ පිරිස් විශ්වාස කරයි.

ජනාධිපතිවරයාගේ මුළික අභිලාෂ වු සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ විධිමත් වැඩපිළිවෙල පවා අර්බුධයකට ලක්ව ඇත්තේ පිබි ජයසුන්දර විසින් එම අමාත්‍යංශයට පත් කල ඔහුට හිතවත් ලේකම්වරිය නිසා බව විදුලි බල අමාත්‍යංශයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග කියා සිටියේය. පිබි ජයසුන්දරගේ පෞද්ගලික හිතවතියක් වන විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරිය යහපාලනය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වශයෙන් සිටියදී බිලියනයකට ආසන්න රජයේ මුදල් හා දේපල අවභාවිතා කර ඇති දුෂිත තැනැත්තියකි. මේ බව 2015-2018 ජනාධිපති වංචා දුෂණ පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේද සඳහන්. ඒ බව දැන දැනත් මෙම පත් කිරීම සිදු කිරීම තුලින් විදුලි බල කේෂත්‍රය බිලියන ගණනක පාඩුවක් මේ වන විටත් සිදු කර ඇත. පසුගිය ආර්ථික පාඩුවක් ලැබීමට හේතුවීම විදුලි කේෂත්‍රය බිඳ වැටීමයි. එම දුෂිත බව දැන දැනත් එම පත්කිරීම තුළින් විදුලි බල කේෂ්ත්‍රය බිලියන ගණනක ආර්ථිකමය පාඩුවක් හා ජනාධිපතිවරයාගේ පුනර්ජනනීය බලශක්ති සංකල්පය ක්‍රියාත්මක කිරීම මන්දගාමි කරමින් පුනර්ජනීනය විදුලි බල කේෂ්ත්‍රය බිඳ වැටීමට සැලැස්වීමේ වගකීමද පිබි ජයසුන්දර භාර ගත යුතු යැයි කේෂ්ත්‍රයේ පාර්ශව චෝදනා කරයි.

තවද මේ වන විට මහබැංකු අධිපතිවරයා ලෙස පත්ව සිටින අජිත් නිවාඩ් කබ්රාල්ගේ විසින් පිබි ජයසුන්දර විසින් පනවා තිබු රේගු රෙගුලාසි කිහිපයක් ඉවත් කිරීම තුළින් ජනතාව වෙත සහන ඉදිරිපත් කිරීම සාපේක්ෂව ඉතා හොඳ තත්ත්වයකි. මේ පිළිබඳ සමාජයේ කතාබහක් ඇති විම තුළින් පිබි ජයසුන්දර විසින් සිදු කර ඇති අනුවණ ආර්ථික ක්‍රියාදාමයන් ටිකක් හෝ නිවැරදි දිශාවකට යොමුව ඇති බවත් ඒ තුලින් ඔහුගේ ක්‍රියාකාරි පිළිබඳ දේශපාලන අධිකාරියේ චෝදනා ඉදිරිපත් කිරීම හේතු කොට ගෙන පිබි ජයසුන්දර හා කබ්රාල් අතර ගැටුමක් නිර්මාණය වීම නොවැලැක්විය නොහැකිය. කබ්රාල් හා පිබි අතර ගැටුමක් උත්සන්න මට්ටමකට පත්වීමට පෙර පිබි වැනි අය විශ්‍රාම ගන්වා ඉදිරි වසර කිහිපය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාවට නැංවීම හා ආර්ථික සැලසුම වේගවත් කිරීම ජනතාව බලාපොරොත්තු වන කාරණයකි.

ජනාධිපතිවරයා මේ වන විට විදේශ සංචාරයක නිරත වන අතර ඔහුට ද මේ පිබි ජයසුන්දර කරනු ලබන අවුල් සහගත වැඩපිලිවෙල පිළිබඳ නිරවුල් මානසින් හා අපක්ෂපාතිව සිතා බලා කටයුතු කරනු ඇති බව බොහෝ අයගේ විශ්වාසයයි.

එමෙන්ම ජනාධිපතිවරයා මීට වඩා දුරදර්ශීව කටයුතු කරනු ඇති යැයි ඉඟියක් දිලිත් ජයවීර විසින් තැබු ෆේස්බුක් සටහනින් පිළිඹිඹු වේ.

ඒ අනුව බොහෝ විට ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම පිබි ජයසුන්දර සම්බන්ධයෙන් හා ආර්ථික සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුලදී හෝ ජනාධිපතිවරයාගේ ඉදිරි දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩපිලිවෙල සකස් වනු ඇති බව බොහෝ පිරිස් විශ්වාසය පල කරයි.

Post Views: 8
Previous Post

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානවල පරිපාලන ගැන විරෝධතාවයක්

Next Post

ගැසට් ගහන්නෙත් රිවස් කරන්නෙත් ජනතාව ගැන හිතලයි – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

editor

editor

Next Post

ගැසට් ගහන්නෙත් රිවස් කරන්නෙත් ජනතාව ගැන හිතලයි - රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved