27 April 2024
#දේශීය

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානවල පරිපාලන ගැන විරෝධතාවයක්

සංස්කෘතික මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සංස්කෘතික අමාත්‍යංශයෙන් ඉවත් කර ප්‍රාදේශිය ලේකම්වරු යටතට පත් කිරිමට විරෝධය පළ කරමින් තමන් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන සමස්ත ලංකා සංස්කෘතික මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති සංගමයේ මධ්‍යම පළාත් නියෝජිත කුසල් දේවප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙම සිදුවිම පිළිබදව මාතලේ දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය , අන්‍ය ආගමික පුජකතුමන්ලා සහ කලාකරුවන් දැනුවත් කිරිම් අවස්ථාවන්වලට එක්විමෙනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් කුසල් දේවප්‍රිය මහතා කියා සිටියේ වසර 23කට තිස්සේ සියලුම පරිපාලන කටයුතු මෙන්ම අනෙකුත් සියලු දේ සංස්කෘතික අමාත්‍යංශය මගින් සිදු කළ බවත් පසුගිය ජුලි මස සිට අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම කටයුතු ප්‍රාදේශිය ලේකම් වෙත පැවරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් ප්‍රාදේශිය ලේකම්වරුන් මිට පෙරද අධික්ෂණය සිදු කළ බවත් මෙවැනි පරිපාලන කටයුතු ලේකම්වරුන්ට නතු කිරිම නිසා අනවශ්‍ය ගැටලු රැසක් පැන නැගි ඇති බවය.

පසුගිය කාලයේ රුපියල් මිලියන පහක මුදලක් වැය කරමින් දිවයින පුරා මධ්‍යස්ථානවල ඇති අඩුපාඩි සහ අනෙකුත් දේ පිළිබදව නිලධාරින් දැනුවත් කිරිම් සහ යෝජනා ලබා ගත් බවත් ඒ සියල්ල මේ වන විට වතුරේ යන තත්වයකට පත්වි ඇති බවය.

විෂය භාර අමාත්‍යවරයා වන අගමැතිවරයාද නොමග යවමින් සාවද්‍ය කරුණු අමාත්‍යංශයේ උසස් නිලධාරින් විසින් ඉදිරිපත් කර ඇති බවත් මෙහි ඇති සැබෑ තත්වය හෙලි කිරිම සදහා අගමැතිවරයා සමග සාකච්ඡාවක් තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද කුසල් දේවප්‍රිය මහතා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *