27 April 2024
#දේශීය

පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට – සෞඛ්‍ය ඇමැතිනි

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය හෙට දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (11) පැවසුවේ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

‍මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය “මහජන නියෝජිතයින් සහ රජයක් විදිහට අප මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කළ යුතුයි. ඒ් අනුව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සාකච්ඡා ගණනාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා පී.සී.ආර් පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස. ඒ් අනුව හෙට දිනයේ දී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරනු ලබනවා. එතැන් සිට එම මිල ගණන් මේ රටේ බලපැවැත්වෙනවා. ඒ් අනුව පාරිභෝගිකයාට අපට කරන්නට පුළුවන් සාධාරණය අප සිදු කර තිබෙනවා.”

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *