• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාප, ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩු දැන් ජනතාවට එපා වෙලා – ජවිපෙ

31 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට විරෝධය දැක්වීම පමණක් නොව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබඳ කතිකාවද සමාජය තුළ ඇති වී තිබෙන බවත් වසර 74ක් පුරා එජාප, ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩු ජනතාවට දැන් පිළිකුල් වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (31) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කලේය ” ජනතාව තුළත් මේ පක්‍ෂ දෙක පරාජය කරලා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න වුවමනාවක් ඇතිවී තිබෙනවා. ඒ ජනතා විශ්වාසය මත ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් ජනතාව අතර ඉතා වේගයෙන් ශක්තිමත් වෙමින් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පවත්වමින් ග්‍රාමීය නායකත්වයත් දිස්ත්‍රික් සමුළු පවත්වමින් දිස්ත්‍රික් නායකත්වයත් ගොඩනගමින් යනවා. ජනතාව අප වටා වේගයෙන් පෙළගැසෙමින් ඉන්නවා. තම පක්‍ෂවල සිටි පාක්‍ෂිකයන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බව බංකොළොත් පක්‍ෂවල නායකයන් දකිනවා. එයින් ඔවුන් වියරු වැටී ඇති බව අපට පෙනෙනවා. ඊයේ ගම්පහදී ඇතිවූ සිදුවීමෙන් පෙනෙන්නේ එම තත්වයයි.
ඊයේ (30) කලගෙඩිහේන පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වීමට විනාඩි කිහිපයකට කලින් ශාලා භූමියට ඇතුළුවන ගේට්ටුව අසලදී මැර කණ්ඩායමක් විසින් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් දියත් කළා. ඒ වනවිට අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු ආරාධිතයන් ශාලාවට ඇතුල්වී අවසන් වී තිබුණා. මෙම මැර පිරිස ගේට්ටුව අසල කලබලකාරී තත්වයක් ඇතිකර ශාලාව දෙසට බිත්තරවලින් දමා ගසා තිබෙනවා. මෙම පිරිස මෙහෙයවූ අයගේ උත්සාහය වී තිබෙන්නේ මෙය සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වා දීමයි. පසුගිය දිනවල පිටකොටුවේදීත් මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. තෙල් ටැංකි විකිණීමට එරෙහි ගිවිසුමට එරෙහිව අප විසින් පවත්වන ලද විරෝධතා පා ගමනේදී සංවිධානාත්මක කිහිප දෙනෙක් පැමිණ මේ ආකාරයේ සිදුවීමක් ඇතිකර තිබුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් එතැන සිටි අය විසින් අල්ලා අප වෙත බාර දී තිබුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලීසියට බාරදී තිබුණා. ඔවුන් කිරීමට උත්සාහ කළ දේ ඡායාරූප සහ වීඩියෝ ගත වී තිබෙනවා. මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබි්‍රයල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි. අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාත කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා.
මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් වුවමනාව මතයි. පිටකොටුවේ බිත්තර ගැසීමේ සිදුවීම පිටුපසත් සිටින්නේ ඔවුනුයි. මෙම කණ්ඩායමේ අසිත, අබේරත්න, අනිල් නිශ්සංක, සංජීව පෙරේරා, ගෝමස්, රණවීර, ප්‍රීති කුමාර, රාජකරුණා, නිරෝෂන්, රූපසිංහ, අධිකාරි, කාරියවසම්, ජයසිංහ යන අය පිටකොටුව ප්‍රහාරයට පැමිණ තිබෙනවා. කලගෙඩිහේන ප්‍රහාරයට අසිත, අබේරත්න, අනිල් නිශාන්ත, බණ්ඩාර, වසන්ත, මුණසිංහ, සම්පත්, එම්.ආර්., රූපසිංහ, ගෝමස්, අධිකාරී, ප්‍රීති කුමාර, නිරෝෂන්, චමින්ද යන අය පැමිණ තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය විසින් බව ඉතාම පැහැදිලියි. ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපතියි. ඔහු ගෝටාබය ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක්. ඔහු නිතර ජනාධිපතිවරයා මුණගැසෙනවා. මෙම ප්‍රහාරයන් දෙකම දේශපාලන වුවමනා මත මෙහෙයවූ බව පැහැදිලි වෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන අය කුලී ගෙවමින් මෙයට යෙදවූ බව හසුවූ දෙදෙනා විසින් කරන ලද ප්‍රකාශවලින්ම හෙළිවෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට රුපියල් 5000ක් ගෙවූ බව ඔවුන් කියනවා. ඔවුන් මෙතනට හේතුවක් නැතුව ආවේ නැහැ.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව අප සමග ගැටෙන්නට එන ලෙසයි. මේ රට ගොඩනැගීම පිළිබඳව ඕනෑම ප්‍රතිපත්තිමය සංවාදයකට අපි සූදානම්. එසේ නැතුව මෙවැනි ආකාරයේ පහත් නින්දිත ක්‍රියාමාර්ගවලින් අප සමග හැප්පෙන්නට නොඑන ලෙස අවධාරණය කරනවා. මේ රටේ ජනතාව මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ගෝඨාභය මහත්තයෝ තමන්ගේ යාළුවාගේ නීතිවිරෝධී කණ්ඩායම් යොදවලා ජාතික ජන බලවේගයේ අපේ ගමන නවත්වන්න බැහැ. ඊට වඩා දේවල්වලින් අපිව නවත්වන්න හදපු අය හිටියා. ඒ කිසිවකින් අපි සැලුණේ නැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන ව්‍යාපාරයක්. එය මෙවැනි නින්දිත ප්‍රහාරවලින් නවත්වන්න බැහැ. මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ ආණ්ඩුව ජනතාව අතර තව තවත් අප්‍රසාදයට ලක්වීම පමණයි.
මෙය සැලසුම්සහගත සිදුවීමක්. ක්‍රියාත්මක කර තිබෙන්නේ එකම තැනකින්. ඒ පිළිබඳව සාක්ෂි අපි පොලීසියට ලබා දී තිබෙනවා. නිට්ටඹුව පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කොට තිබෙනවා. ඔවුන් අල්ලා ගැනීමට යාමේදී මහර අපේ සෙනරත් නම් සහෝදරයෙකුටත් තුවාල සිදුවී තිබෙනවා. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු වෙනවා. අපි මේ රටේ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාවගේ ආශිර්වාදය මැදින් මේ ගමන යමින් සිටිනවා. මෙවැනි නින්දිත සිදුවීම්වලින් අපි, අපේ සාමාජිකයන්, අපේ ආධාරකරුවන් තව තවත් ධෛර්යමත් වෙනවා. ගෝඨාභය මහත්මයාට දේශපාලනය බින්දුවක් හරි තේරෙනවානම් මෙවැනි පහත් නීච ක්‍රියාවලින් සිදුවන දෙය තේරුම් ගත යුතුයි. මෙවැනි නින්දිත ක්‍රියා නතර කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපි ඉදිරියට යද්දී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාට හෝ අපගේ ඕනෑම සහෝදරයෙකුගේ ජීවිතයට යම් අනතුරක් ඇති කළොත් ඊට වගකිව යුත්තේ මොවුන් බව මෙම සිදුවීම්වලින් ඉතාම පැහැදිලියි. මේ අවදානමත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.
මෙම සිදුවීමට සම්බන්ධ සියලු වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි බල කර සිටිනවා. නිස්සංක සේනාධිපති යටතේ සිටින මෙවැනි අය නීච වැඩවල නිරතවනවානම් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එසේ නැතුව මේ පොඩි මිනිසුන්ගේ සාක්ෂි වෙනස් කර ගැලවෙන්නට හදන්න එපා. මෙය කාගේ වුවමනාවට සිදුවු දෙයක්ද යන්න මුළු ලෝකයම දන්නවා. එක් පුද්ගලයෙක් ප්‍රසන්න රණතුංගගෙන් ඕනෑ දෙයක් කර ගත හැකි යැයි තමන්ට කී බව කියනවා. මේ සිද්ධිය පිටුපස දේශපාලනය ඉතාම පැහැදිලියි. දැන් වගකීම ඇත්තේ ජනාධිපතිවරයා අතයි. මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් ඉල්ලනවා. ආණ්ඩුව එසේ නොකරන්නේනම් මේ ආණ්ඩුව පලවා හැර එසේ කිරීමේ වගකීම ජනතාව බාරගනීවි.

Post Views: 1
Previous Post

අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජයක්

Next Post

විදුලි කප්පාදුවකට තවදුරටත් අවසර නෑ – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

editor

editor

Next Post

විදුලි කප්පාදුවකට තවදුරටත් අවසර නෑ - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved