27 April 2024
#දේශීය

විදුලි කප්පාදුවකට තවදුරටත් අවසර නෑ – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා. “ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට කල යෝජනාවෙන් පසුව අපි බලාගාරවල තත්වය හා ඉන්ධන සැපයුම පිළිබද අඛණ්ඩව සමාලෝචනය කලා. විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන නිසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර දුන්නේ නැ. යෝජිත විදුලි කප්පාදුව කලා නම් සමස්ත ආර්ථිකයට සිදුවිය හැකිව තිබු පාඩුව රුපියල් බිලියන 31ක් පමණ වනවා. විදුලි කප්පාදුව වැලැක්වු නිසා මේ රුපියල් බිලියන 31ක අපිට ඉතිරි කරගන්න හැකි වුණා. එළඹෙන පෙබරවාරි මාසය ආරම්භයේදී ද විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදිය හැකි බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම ලබන මාසයේදී උසස් පෙල විභාග ආරම්භ වීමට නියමිතයි. මේ විභාගය සාර්ථකව පැවත්වීම සදහා බාධාවකින් තොරව විදුලිය සැපයිය යුතුය. අලුත්වැඩියාවට ලක් වෙමින් තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 3න් වන ඒ්කකය මේ වන විට ජනන කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ් වගේම පහුගියදා නඩත්තු කටයුතු සදහා පද්ධතියෙන් ඉවත් කර තිබු සොජිට්ස් බලාගාරයේ මෙගාවොට් 130ක් නැවත ජනන කටයුතු ආරම්භ කරනවා පෙබරවාරි 2 වැනිදා. මේ නිසා විදුලි සැපයුම අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි බව තහවුරු වී තිබෙනවා.යැයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *