27 April 2024
#දේශීය

ජනතාවට දෝහි වෙන්න බෑ – ඇමැති කෙහෙලිය කියයි

මහමැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කඩිනමින් සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේ ජනතාව 19 ව්‍යවස්ථාව සංශෝධනය ඉවත් කිරීමට  ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන් බවයි.

එය සිදු නොකලහොත් ජනතාවට දෝහි වීමක් සිදුවන බව අමාත්‍යවරයා කියා සිටියේය. ජනතාව මේ වෙනුවෙන් අනුමැතිය උපරීමව ලබා දී ඇති අතර එම ජනතා කැමැත්ත ඉටු කිරීමට ආණ්ඩුව බැඳි සිටින බව හෙතෙම පැවසිය.

නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම නීති ක්ෂේත්‍රයේ සුබවාදී අදහස් සමඟින් නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බවත් ඒ සඳහා ඕනෑම අයෙකුට අධිකරණයට යාමට හැකියාව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. ව්‍යවස්ථානුකුලව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව අධිකරණයට හේතු දැක්වීමට මෙන්ම අර්ථ කථන ලබා ගැනීමට දීන හතක් ඇතුලත හැකියාව පවතින බවත් ආණ්ඩුව ඒ අයිතියට ගරු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *